‘මම හැම කතාවකම ලියන්නේ මගේ අත්දැකීම්’ සමන් එදිරිමුණි ටෙලිනාට්‍ය ලියන රහස හෙළිකරයි

මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරන චරිතයක්. ගුණ දොස් සමබරව ඉවසන් තම ගමන අය අපූරූ මිනිසෙක්. වර්තමාන ටෙලිකතා තුළ පෙරළියක් ඇති කළ ඔහු නමින් සමන් එදිරිමුණි. ඉස්කොලේ, දෙවනි ඉනිම, සංගීතේ සියළු කතා රචනය ඔහු සතුයි. ඉතින් මේ කතා ඔහු සමඟයි. මේ දිනවල ප්‍රසිද්ධ ටෙලි කතා රචකයා ඔබ ඉතින් ඒ පිලිබඳ ඔබට දැනෙන සතුට කොයි වගේද? “ඇත්තටම ම⁣ට ගොඩක් සතුටුයි. මම ලියපු කතා සමහර අවස්ථා වල සමීක්ෂණ අංක එකට පැමිණෙනවා. මම තනියම කතා තුනක් රචනා කරනවා. ඉතින් මට සතුටුයි. ඉස්කෝල යන කාලේ ඉදන් මම කවි, කතා, ලියපු කෙනෙක්. පසුකාලීනව මම තරුණයා පුවත් පතට සම්බන්ධ වෙලා ලිවිමේ කටයුතු ගෙන ගියා. මම ඒකට ඇබ්බැහි වුනා කාලයත් එක්ක. ම⁣ගේ විනෝදාංශය මගේ රැකියාව බවට අද පත් වෙලා.”

හැකියාවක් එන්නේ උපතින්මයි.එදා ඉදන් ලියන කලාවේ ඉන්න සමන්ට එය අලුත් දෙයක් නෙවෙයි.ඉතින් ඒ නිසාම ඔහු ඔහුගේම ගමනක් සාදා අවසන්. ඔබේ පිටපත් රචනයට ප්‍රක්ෂේකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? “ඒක එක එක ප්‍රක්ෂේකයන්ට දැනෙන විදිහ අනුව තමා. මට විවිධ රසිකයන්ගේ විවිධ ප්‍රතිචාර ලැබෙන්නේ. ඒක වෙලාවකට හොද හරි නරක හරි වෙන්න පුළුවන්. හැබැයි අද බොහෝ ප්‍රතිචාර ලැබෙන්නේ සමාජ මාධ්‍ය හරහා. ඒ නිසා මුණට මාව විවේචනය නොකර සමහරු තැන තැන මාව විවේචනය කරනවා. හැබැයි මම ලියන කතා වල රස වින්දනය දන්න අය මාත් එක්ක ඉදන් මාව දිරිමත් කරනවා. මම ලියන කියන දේවල් වැළදගන්නවා.මේක හරි වෙනස් සමාජයක්. ඒක අපි තේරුම් අරන් ඉන්න ඕනි”

කතාවක් ලියන්න තේමවක් අවශ්‍යයි. ඉතින් ඔබ ලියන ටෙලිපිටපත් ජනප්‍රිය වෙන්න විශේෂ හේතුවක් තියෙනවද? “මම ලියන කතා මම ලියන්නේ ම⁣ගේ අත්දැකිම් වලින්. මම සමහර දේවල් අධ්‍යයනය කරනවා. සමහර පුද්ගලයෝ පවා. ඉතින් ඒ නිසාම මගේ පිටපත් ජනප්‍රිය වෙනවා. කොහොමත් මම ලියන්න කැමති නිසා අලුත් අලුත් අදහස් හොයනවා..”

පිටපත් රචක සමන් සිනමාව එන්න අදහසක් නැද්ද? “මම මගේ හැකියාව කවුරු ඉස්සරහවත් බාල්දු කරගන්නේ නෑ. මම මට වටිනාකමක් දිලා තියෙනවා. ඒ නිසා මගේ ගානකට කැමති වුන කෙනෙක් එක්ක දවසක මම සිනමාවට එනවා. ඒ නැතුව මම කවදාවත් මගේ හැකියාව කෙනෙක්ට දෙන්නේ නෑ.”

ඔබ නළු නිළියන් කොටු කරලා ලියන මෙගා නාට්‍ය වල ඉන්න පුද්ගලයන්ට ආසාධාරණයක් නැද්ද. “මම 2023 වෙනකන් ගිවිසුම් ගහලා ඉන්නේ. මට වෙන චැනල් වලට යන්න බෑ. මෙගා නාට්‍ය කරන නළු නිළියන් කැමැත්තෙන් තමා මෙතන රැදෙන්නේ. ඔවුන් කොටු වෙලා නෑ. හැබැයි ඔවුන්ට වෙලාවක් නෑ වෙන නිර්මාණ වලට සම්බන්ධ වෙන්න.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ප්‍රවීණ ටෙලිනාට්‍ය රචක සමන් එදිරිමුනිගේ