‘මම හයසිය වතාවක් පෙම්වතෙක් වුනා’ ජනප්‍රිය නළු විරාජ් පෙරේරා කියන කතාව

ආදරණිය පෙම්වතෙක් ලෙස මියුසික් වීඩියෝ තුළින් ප්‍රේක්ෂක හදවත් උදුරා ගත් ඔහු නමින් විරාජ් පෙරේරා. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක් බවට බොහෝ දෙනා හඳුනාගන්නේ මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘පා⁣ර දිගේ’ ටෙලිනාට්‍යයේ රෙක්සිගේ චරිතයට පණ පෙවිමත් සමඟයි. තමන්ගේ හොඳම මිතුරාට රැකියාවේ ඉහල තනතුරක් ලබාගන්න හොරට විවාහයක් සිදුකරගන්න උදවු කරන රෙක්සි ඉන්පසු තමන්ගේ මිතුරා මුහුණ දෙන කරදර වලින් ආරක්ෂා කරන්න ගොඩක් වෙහෙසවෙනවා. ඉතින් මේ සොදුරු කතා බහ ඔයාලා හැමෝම ආදරේ කරන ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ රෙක්සිගේ චරිතයට පන පොවන විරාජ් ගැනයි.

ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න විසින් නිරූපනය කරන ‘රෙහාන්’ කියන චරිතයේ මිතුරා ලෙස ‘පාර දිගේ’ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වන විරාජ්, ටෙලිනාට්‍ය තුලදී විතරක් නෙවෙයි සැබෑ ජීවිතයේදීත් උද්දිකගේ ගොඩක් හොඳ මිත්‍රයෙක්. ඉතින් විරාජ් පාරදිගේ නාට්‍යයට සම්බන්දවුන ආකාරය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මට මේ නාට්‍යයේ ලැබුනේ ‘රෙක්සි’ කියන චරිතය. රෙක්සි කියන්නේ රෙහාන්ගේ අවංක යාලුවෙක්. මට මේ නාට්‍යට ආරාධනා කලේ මේ නාට්‍යයේ අධ්‍යක්ෂක තුමා වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් විසින්. ඒ වගේම මගේ ගුරු පියාණන් වන සද්ධාමංගල සූරියබණ්ඩාර සහ මේ නාට්‍යයේ නිෂ්පාධකතුමත් එකතුවෙලා තමයි මම මේ චරිතයට තෝරාගෙන තියෙන්නේ. ඒ වගේම උද්දික ප්‍රේමරත්න අයියගෙන් ලැබෙන ගුරුහරුකම් එක්ක මම මේ චරිතයට උපරිම සාදාරණයක් ඉටුකරන්න වෙහෙසෙවා” කියලයි.

මියුසික් විඩියෝ හා බැදුන අතිතය ගැන ඔහු ප්‍රකාශ කලේ මෙවැන් අදහසක්. “ඇත්තටම මම තවම මේ ක්ෂේත්‍රයට අලුත්. මියුසික් විඩියෝ වලින් තමයි මගේ ගමන පටන් ගත්තේ. මට මතක විදිහට මම මියුසික් වි⁣ඩියෝ හයසියක විතර පෙම්වතාගේ චරිතය රඟපෑවා. ඒ කොහොම වුනත් මම ආසයි මගේ වැරදි අඩුපාඩු හදාගෙන චිත්‍රපට, ටෙලිනාට්‍ය වගේ දේවල් වලට රංගනයෙන් දායක වෙන්න. හැබැයි ඒකට වාසනාව කියන දේ වුනත් තියෙන්න ඕනි කියලා මම හිතනවා.”

බහුතරයක් කළා ශිල්පීන් කළාව සහ පවුල පටලවා ගන්නවා නමුත් විරාජ්, කලාවයි පවුල් ජිවිතයයි කිසිම වෙලාවක පටල ගන්නේ නෑ කියල අපි සමග පැවසුවා. ඒ ගැන ඔහු දරන මතය මෙන්න මේ වගේ. “මගේ ජිවිතේ අංක එක නැත්නම් මුල් තැන මම දෙන්නේ මගේ පවුලට. මගේ දරුවෝ මගේ බිරිඳ තමා මගේ ජිවිතේ වටිනම දේ. ඉතින් එහෙම පවුලක් කලාව නිසා මම නැති කරන්නේ නෑ. අනික මගේ බිරිඳ මාව තේරුම් අරගෙන ඉන්න නිසා මට කලා ජිවිතේ ප්‍රශ්න නැති තරම්. අපි දෙන්නම මහන්සි වෙන්නේ කැප වෙන්නේ අපේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන්. ඇත්තටම කිවොත් මගේ දුව පුතා කියන්නේ මට මුළු ලෝකයම. ඉතින් මම කලාව වගේම මගේ පවුල් ජිවිතෙත් ලස්සනට ගෙනියනවා..” කියලයි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.