‘මම සිනමාවටත් එන්න කියලා හිතන් ඉන්නේ’ ලාබාල තරුණියන් පවා වශීවුන සමන් එදිරිමුණි කියන කතාව

ලංකාවේ හැමෝම ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ‘දෙවෙනි ඉනිම’ කියන්නේ. ඒ වගේම ‘සංගීතේ’ ‘ඉස්කෝලේ’ කියන නාට්‍ය දෙකත් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ ටෙලිනාට්‍යයේ රංගන ශිල්පියන් පිලිබඳ වගේම රංගන ශිල්පිනියන් පිලිබඳ ලංකාවේ ප්‍රේක්‍ෂකයන් ගොඩක් කතා වෙනවා, ඒත් මේ කතා රචකයා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ, නළු නිලියෝ කොහොම රඟපෑවත් මේ කතා රචකයා තමයි හොඳටම කරන්නේ, ඉතින් සුවහසක් ලාංකේය රසික ආදරය නොඅඩුව දිනාගත් ටෙලිනාට්‍ය ගණනාවක්ම රචනා කරන ඔහු තමයි සමන් එදිරිමුණි. ඒ වගේම ‘සිඳු’ නාට්‍යයේ ආරම්භක පිටපත් රචකයා වන්නේත් ඔහුයි. ඉතින් මේ දවස්වල ඔහුට ලැබිලා තියෙන ජනප්‍රියත්වය පිලිබඳ සමන් එදිරිමුණි කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් මට ගොඩක් සතුටුයි. මම ලියන නිර්මාණ තුනම ලංකාවේ අංක එකට පැමිණියා. පිටරටක ගත්තොත් එක මෙගා නාට්‍යක් තුන්දෙනෙක් හතර දෙනෙක් ලියනවා. මම මෙහෙ තුනක්ම ලියනවා ඒ ගැන පොඩි ආඩම්බරයකුත් තියෙනවා”

ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත් සමන් එදිරිමුනිගේ මීළඟ බලාපොරොත්තුව සිනමාවට පය තබන එක. ඉතින් ඒ පිලිබඳ ඔහු කියන්නේ මේ වගේ කතාවක් ”මට සිනමාවට සම්බන්ද වෙන්න ගොඩක් යෝජනා ලැබුනා. මම වෙනුවෙන් විවිධ අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු, චිත්‍රපට සමාගම් ගණනාවක්ම ඉන්නවා. එත් මේ දවස්වල රටේ ප්‍රශ්න නිසා ටිකක් මාරුවෙන් යන්නේ ඒ අය. මගේ ගාන ඒ අයට ගෙවන්න අමාරුයි මගේ මිලට එනවනම් විතරයි මම ඒ වැඩේ කරන්නේ. හැබැයි මම සිනමාපටයක් කලොත් සිනමාහල්වල මකුළුදැල් කඩලා හොඳ තත්වයකට ඒවි.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ටෙලිනාට්‍ය ගණනාවක්ම රචනා කරන සමන් එදිරිමුනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.