‘මම සැමියා ළඟ නැතුව අවුරුද්දක් හිටියා’ ජනප්‍රිය නිලි ලෝචනා කියන කතාව

ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දඟකාර චරිතයක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. ටෙලිනාට්‍ය තුලින් වගේම සිනමාපට හරහාත් ඇය ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වුනා ඒ වගේම ‘ගින්දරී’ සහ ‘අභිනික්මන’ සිනමාපට හරහාත් ඇය ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම ‘සංසාර සිහිනයේ’ ටෙලි නාට්‍ය හරහාත් ලෝචනා ගොඩක් ජනප්‍රිය වුනා. එම ටෙලිනාට්‍යයේ ලෝචනා පන පොවන්නේ අනුත්තරා කියන චරිතයටයි. ඉතින් මේ චරිතය ලැබීම පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”ඔය නාට්‍ය පටන්ගත්තේ ගිය අවුරුද්දේ මුලදී වගේ. අනික මේ චරිතයට මට ආරාධනා කරනලා ඔයාට මේ චරිතයේ කරන්න දෙයක් නැහැ කියල අධ්‍යක්‍ෂ වරයා කිවුව්වා. මගේ චරිතය තමයි අම්මා කෙනෙක් ගේ චරිතය හැබැයි මානසික මට්ටම ළමයෙක්ගේ වගේ.” කියලයි.

කොහොම වුනත් ලෝචනා දැන් ඉන්නේ ලංකාවේ නමුත් ඇයගේ සැමියා සහ ළමයින් ඉන්නේ ලංකාවේ නෙවෙයි, ඉතින් ඒ අත්දැකීම පිලිබඳ ඇය කිවුවේ මේ වගේ කතාවක් ”දැන් සැමියා ළඟ නැතුව අවුරුද්දක් වෙලා, ඊටවඩා අමාරු දරුවා නැතුව. ඒක මට තදින්ම දැනෙන කාරනාවක්. ඇත්තටම මේක මට පෞද්ගලිකව අමාරුම කාලයක්. දරුවාගෙන් වෙන්වෙලා ඉන්නවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්, ඉතින් මොනවා වුනත් මේ අසීරු කාලය කොහොම හරි ගෙවල ඉවර කරන්න එපායැ.” කියලයි. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ලොචනාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.