‘මම සල්ලි බලාගෙන රඟපාන්නේ නෑ’ ජනප්‍රිය නිලි කළණි දොඩම්තැන්න කියන කතාව

එදා මෙදා තුර කිසිවෙකුටත් අමතක නොවු ස්වාධින රූපවාහිනියේ විකාශනය වුන තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය ගැඹුරු අර්ථවත් කතාංගයක් කිවොත් නිවැරදියි. අද අපි කතා කරන්නේ කතාව තුළ දීප්තගේ ⁣චිත්‍රශිල්පිනි පෙම්වන්තිය වු මරියාගේ චරිතයට පණ දුන් ඇය ගැනයි. ඇය නමින් කලණි දොඩම්තැන්න.

කලණි මරියා අතරේ සමානකම් තියෙනවා කිවොත්, “ඔව් ඇත්තටම මට මරියා කියන චරිතය ගොඩක් සමීප චරියක්. කතාව තුළ මරියා කියන්නේ චිත්‍රශිල්පිනියක්. ඉතින් සැබෑ ජිවිතේ මමත් චිත්‍රශිල්පිනයක්. ඒ නිසාම පිටපත බලපු ගමන් මම රොෂාන් අයියාට කිවා මම චරිතයට කැමති කියලා. මොකද මට අලුතින් ඒ චරිතයට අනුගත වෙන්න තිබුනේ බොහොම පොඩි තැන් කිහිපයක් පමණයි. ඉතින් ඒ කියන්නේ මරියා කලණි අතරේ සමානකම් තියෙනවා.”

ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ, “මම කලාවට එකතු වෙලා දැන් අවුරුදු අටක වගේ වෙනවා. මුලදි වෙළද දැන්විම් වලට තමා ⁣සමබන්ධ වුනේ. පසුකාලිනව මට ‘සහෝදරයා’ කියන නිර්මාණයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා ඊට පස්සේ ‘තණමල්විල කොල්ලෙක්’ කියන ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා. ඉතින් රංගනය එක්ක වෙළද දැන්විම් කටයුතු කරගෙන යනවා.”

කලණිගේ පවුල් ජිවිතේ ගැන කතා කලොත් “කලාව එක්ක මම මගේ පවුල් ජිවිතෙත් සමබරව කරගෙනයනවා. හැබැයි හිතන තරම් ලේසි නෑ ඒ දේ. තුමිඳු මට ලොකු සහයෝගයක් දෙනවා පවුල් ජිවිතේ ඇතුලේ. දුමිදු කොච්චර කාර්යබහුල වුනත් එයා මම පුතා වෙනුවෙන් කාලය වෙන් කරන්න දෙපාරක් හිතන්නේ නෑ. මමත් වැඩිපුරම කැමති තුමිදු එක්ක කාලේ ගතකරන්න.”

⁣ඔබ දැනටම ජනප්‍රිය රංගන ශිල්පිනියක්, බොහෝ දෙනෙක් ඔබව හදුනනවා. එතකොට ඔබ ජනප්‍රියත්වය ගැන හිතන්නේ, “ජනප්‍රියත්වය කියන්නේ තාවකාලික දෙයක්. මම කවදාවත් ජනප්‍රියත්වයක් බලාපොරොත්තු වෙලා නිර්මාණ වලට සම්බන්ධ වෙන්නේ නෑ. මට ගැළපෙන මට හොද නිර්මාණ තියෙනවනම් මම අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා. ලාභ ප්‍රයෝජන බලාගෙන මම නිර්මාණ වලට එකතු වෙලා නෑ. එකතු වෙන්නෙත් නෑ.” කියලයි. ඉතින් ඔයාලා ගැමෝම ගොඩක් ආදරේ කරන කලනිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.