මම ෂූටින් එන දවසට හැමෝම එන්නේ මගේ බත් එක කන්න

“මගේ වම් අත” “සිකුරු හතේ” “තණ්හා රතී රඟා” “සිංහාවලෝකණය” වැනි ඉතා ජනප්‍රිය ච්ත්‍රපටවල රංගනයෙන් දායක වූ රඟපාන චරිත වෙනුවෙන් අපූරු ජීවයක් ලබාදෙන විශිෂ්ට රංග ශිල්පියකු ලෙස සරත් කොතලාවල නම් ප්‍රවීණයා නම් කරන්න පුළුවන් මේ දිනවල මේ ප්‍රවීණයා අපට හමුවන්නේ සිහිනි නාට්‍යයේ සීලනාන සහ Inter නැසනල් නාට්‍යයේ ‘ජයදේව’ යන චරිත සමගය. මේ චරිතවලට අපූරු ජීවයක් ලබාදෙන ‘සරත්’ හෙවත් ආදරණීය ‘සරා’ සමග පිළිසඳරකට එක් වෙමු.

  • සරත්, සීලානාත කියන්නද? ජයදේව කියන්නද?
  • ‘සරත්’ කියන්න. සරත් හොඳයි නේද.
  • සරත් හරියට සරත් සමය වගේද?
  • ඔව් කෝකටත් එකයි ඕනම දෙකට මම රේඩි.
  • යාළුවෝ කතා කරන්නෙ කොහොමද ?
  • යාලුවොනම් ගොඩක් සරා කියනවා. සමහර අය කොතලාවල කියනවා. මේ දිනවල සීලනාන කියලත් කියනවා. දන්නවද මේ ළඟදී හරි මරු වැඩක් වුණානේ?
  • මොකක්ද ?
  • මට කෝල් එකක් ආවා. කාන්තාවක් කතා කළේ. එයා කතා කළේ මගේ නමින් නෙවෙයි. ඒ නිසා රෝන් නම්බර් කියලා මම ඒ කෝල් එක කට් කළා. ආයෙත් එයා කතා කළා. වැඩේ කියන්නේ එයා කතා කළේ මේ දිනවල මම රඟපාන චරිතයක නමකින්.
  • කොහොමද Inter නැෂනල් නාට්‍යයේ ‘ජයදේව’ මුදලාලිට ලැබෙන ප්‍රතිචාර?
  • ඇත්තටම ගොඩක් හොඳයි ගොඩාක් අය කතා කරනවා. හොඳයි කියලා තමයි හැමෝම කියන්නෙ ගොඩක් සතුටුයි ඒ ගැන

මේ චරිතය මෙච්චර සජීවීව රඟපාන්න හේතුවුණේ? මේක හරියට හැදෑරිය යුතු විෂයයක්. ක්‍රමවත්ව හැදෑරිය යුතු විද්‍යාත්මක විෂයක්. චරිතයක් කියන්නෙ විද්‍යාත්මක දෙයක්න ඒ චරිතයේ ස්වභාවය එක්ක වෙනස් වෙනවා අවුරුදු ගණනාවක් තිස්සේ මම මේ විෂය හදාරමින් ඉන්නෙ තවමත් මම හදාරනවා මටත් ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා, ඉතා සියුම් ලෙස චරිතයක් රඟපාන්නෙ කොහොමද කියලා කල්පනා කරනවා. ඒ කියන්නෙ මට ලැබන චරිතය කොහොමද ප්‍රතිනිර්මාණය කරන්නෙ කියලා නිතරම සොයා බලනවා. අංග චලනය සහ සියුම් භාව ප්‍රකාශනය කොහොමද කළ යුත්තේ කියලා හොයලා බලනවා. ඊට අපේ අත්දැකීම් එකතුවුණාම චරිතයට අනුගත වෙන්න පුළුවනි. උදාහරණයකට අපි පිටසක්වල චරිතයක් කියා හිතමු. අපි අහලා තිබුණාට දැකලා නැහැ. එතකොට ඒ විදිය ගැන අනුමාන කරලා තමයි අපට රඟපාන්න වෙන්නෙ.

මේ සීලනාත සහ ජයදේව චරිත ඔබ පිටපතට අදාළවම රංගනයේ යෙදෙන චරිතද – අනිවාර්යයෙන්ම ඔව්. නැත්නම් රචකයාට අපි කරන්නෙ අසාධාරණයක්නෙඒක ඒ හැරත් ඒ මොහොත ගැන විතරක් හිතලා අපට කීයටවත් රඟපාන්න බැහැ. රචකයා ඒ මොහොතේ යමක් ප්‍රකාශ කරන්නේ ඉදිරිය ගැන හිතලනෙ. ඉතින් ඒ ගැන සමහර විට අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නෙත් නාට්‍ය ඉදිරියට ගලාගෙන ගියාමයි. ඒ නිසා රචකයා දකින දේ ගෙන ඒම අපේ වගකීමක්.

  • ‘‘ජයදේව’’ හාඩ්වෙයාර් මුදලාලිට නිතරම වගේ බූන්දි කන්න වෙනවා නේද? සීනි කෑම සැබෑ ජීවිතයේදී සරත්ට හොඳද?
  • බූන්දි කෑම නිසා පසුගිය දිනවල සීනි ටිකක් වැඩිවෙලා, ගෙදර ඇවිත්, සීනි කපා ගන්න කසාය බිව්වා මොනවා කලත් අපි අපේ සෞක්‍යය ගැනත් බලන්න ඕන නේ
  • දරුවන් මොනවද කරන්නෙ මේ දවස්වල, මොනවටද එයාලා කැමති?
  • මගේ දුව උසස් පෙළට මේපාර ලිව්වා. පුතා නම් තවම 9 වසරෙ අපේ ජීවිත එච්චර සංකීර්ණ නැහැ ගොඩක් සරලයි කාටවත් හිරිහැරයක් නැතුව අපි අපේ නිදහසේ ඉන්නවා
  • සරත් තවම ගමේ ඉඳලාම නේද මේ වැඩවලට එන්නෙ?
  • ඔව් ඔව් හොරණ, මාගම්මන ඉඳලා තමයි එන්නෙ ඒක තමා මට පහසුම විදිය.
  • රඟපාන්න එනකොට බත් මුලකුත් බැඳගෙන එනවා කියන්නේ ඇත්තද?
  • සමහර දවස්වලට කෙසෙල් කොළයේ ඔතාගෙන එනවා කෙසෙල් කොලේ බත් එක ගොඩක් රසයි.

හැමෝම බලාගෙන ඉන්නෙ සරත් ගෙනෙන බත් එක කන්න කියන්නේ ඇත්තද?– ඉස්සර නාට්‍ය රියසල්වලට එද්දි එහෙම තමයි දැන් වුණත් එහෙමයි එතකොට කණ්ඩායමට සෑහෙන විදියට මුට්ටි පිටින්ම තමයි අරගෙන ගෙනෙන්නෙ. කාර් එකේ ඩිකියෙ දාගෙන මුට්ටි පිටින්ම ගෙනාවම ලෙහෙසියිනෙ හැමෝම කියනවා අපේ ගෙදර කෑම රසයි කියලා

පසුගිය දිනවල, ආනන්ද අතුකොරළ එක්ක ‘භාවනා’ කරන්නත් ගියා කියලා ආරංචියි. භාවනා කරන්න ගියාම ජීවිතයට ලැබුණු දේ ගැන විස්තරයක් කළොත්?– ඇත්තටම ජීවිතයට ලොකු අවබෝධයක් ලැබුනා අපි බොහෝ වෙලාවට ජීවත් වෙන්නෙ ගෙවී ගිය අතීතයක සහ නොපෙනෙන ආනාගතය එක්ක. ඒත් ජීවිතය කියන්නෙ මේ මොහොතෙ විතරයි දැන් තිබුනා දැන් නෑ නමුත් ගොඩක් දෙනා ඒ ගෙවන මොහොතට අවංක නැ ජීවිතය කියන්නෙ තමා ඒ ජීවත් වන මොහොත. අතීතයේ හිටියෙත්, අනාගතයේ ඉන්න හදන්නෙත් මනසින් විතරයි. ඒ නිසා ඒ මොහොත තමයි අපි හොඳින් ගත කරන්නට ඕනෑ. එතකොට ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා වෙනවා ඇත්ත තේරුම් අරගෙන හීන ලෝකවලින් මිදිලා හිටීම හරි එතකොට ජීවත් වෙන්න පහසුයි, ඒ ජීවිතේ ගොඩක් සරලයි