‘මම වෘත්තියෙන් නළුවෙක් නෙවෙයි’ චලෝ කතාවේ කකුලක් නැති ධනුෂ්ක කියන කතාව

මේදවස් වල ලංකාවේ ගොඩක් ජනප්‍රිය නාට්‍යක් තමයි ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘චලෝ’ නාට්‍ය. ඉතින් මේ නාට්‍යයේ ඉන්න කකුලක් නැති තරුණයා මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. මේ ආබාදිත චරිතයට පන පොවන්නේ ධනුෂ්ක පුර්ණිම ඩයස් විසින්. රත්මලාන ප්‍රදේශයේ ඉන්න ධනුෂ්ක වෘත්තියෙන් නාට්‍ය හා රංගකලා ගුරුවරයෙක්.

ධනුෂ්ක කලාවට එකතු වෙන්නේ කොහොමද ? “පොඩි කාලේ ඉදන් මම කලාවට ආස කෙනෙක්. ඒ නිසාමයි මම උසස් පෙළට නර්ථන මෙන්ම නාට්‍ය හා රංගකලාව යන විෂයන් දෙකම ඉගෙන ගත්තේ. මම රංගකලාව ඉගෙන ගනිම්න් රංගනය කරන කෙනෙක්. ජාතික තරුණ සේවා සභාවේ මම රංගන කටයුතු කරද්දි පළමුවන වේදිකා නාට්‍ය විදිහට “කළුමාලි” රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ඒ අතරේ මම සෝමලකා සුබසිංහ මහත්මියගේ රංගායතනයට සම්බන්ධ වෙලා රංගන කටයුතු කරනවා. මුලින්ම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුනේ “අහසින් වැටුනා” ටෙලිනාට්‍යය. අනතුරුව ක්වින්, දාංගලේ, දැන් චලෝ ටෙලිනාට්‍ය වල රංගන කටයුතු කරනවා. ඒ විදිහට තමා රංගනය එන්නේ”

රංගනය එන ගමනේ ඔබේ පවුලේ අය ඔබව නතර කලේ නැද්ද. “ඇත්තටම මට මගේ ගමන යන්න මගේ පවුගේ අය ලොකු සහයෝගයක් දෙනවා. කවදාවත් මගේ අම්මා තාත්ත මම යන රංගන ගමන නතර කලේ නෑ. පවුලේ හැමෝම මට ලොකු සහයෝගයක් දෙනවා. මම පාසල් කාලෙ ඉදන්ම කලාවට ආසයි කියල එයාලා තේරුම් ගත්තා. මොකද අපි බොහොම සාමාන්‍ය පවුලක්.”

ගුරුවෘත්තිය එක්ක රංගනය අපහසු නැද්ද? “මම මගේ වෘත්තීය කරන්නෙත් රංගනයෙන්. මොකද නාට්‍ය හා රංගකලාව නිසා. මම ඉතින් කලාව එක්කම ජිවත් වෙද්දි මට කිසි අපහසුවක් නෑ මේ දේවල් කළමනාකරණය කරගන්න.”

ධනුෂ්ක ආදරේ දකින්නේ කොහොමද, මේ වෙද්දි ආදරේ ගැන හිතනවද? “ආදරේ කියන්නේ අපි හැමෝම බලාපොරොත්තු වෙන අපි හැමෝ⁣ටම ඕනි දෙයක්. ඉතින් ඒ නිසාම අනිවාර්යයෙන් ආදරය කියන දේ ඕනිම කෙනෙක්ට ඕනි. මම තාම ආදරේ ගැන හිතලා නෑ. බලමු කාලයට ඉඩ දිලා”