‘මම වැඩිපුරම ආස කිරි බොන්නයි කෙසෙල් කන්නයි’ පුංචි කෙල්ලෙක් වගේ දඟ ඩිශ්නි කියන කතාව

නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට සම්බන්ධ වෙන ඇය ඩිශ්නි උමාරියෝ රාජපක්ෂ. කුරුණෑගල ප්‍රදේශයේ උපත ලබන ඇය කුඩාකල සිට වෛද්‍යවරියක් වෙන්නට හීන දකිනවා නමුත් ඇයට වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්න තරම් ලකුණු ප්‍රමාණයක් හිමි වෙන්නේ නෑ. ඉතින් ඇය පුර්ණ ළමා විය පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයන කටයුතු කළ බවටයි ඇය පැවසුවේ. වෘත්තීයක් ලෙස කලාවට නොඑන ඩිශ්නි මේ වන විටත් ඇගේ වෘත්තීය ලෙස කුරුණෑගල නගරයේ ප්‍රාථමික අධ්‍යාපනය සහිත ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යනවා. එපමණක් නොව ඇය ගුරුවරුන්ට මෙන්ම සිසු දරුවන්ටද මාර්ගෝපදේශන වැඩ සටහන් පවත්වාගෙන යන්නේ කලාව ද සිදු කරන අතර තුරයි.

ඩිෂ්නි ඔබ කලා ලෝකයට ආව ගමන ගැන කිවොත්. “මම කලාවට සම්බන්ධ වෙන්නේ නිරූපණ ශිල්පිනයක් විදිහට. පොඩි කාලේ ඉදන් මම චන්දන සර්ගේ නර්ථන වැඩසටහන් එහෙම බලනවා. මම ඒවාට ගොඩක් ආසයි කොහොම වුනත් 2019 වර්ෂයේ මට මිස් ශ්‍රි ලංකා කිරුළට හිමිකම් කියන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි පිලිපිනයේ Queen Of International Tourisum 2019 තරඟයෙන්ද තුන්වන ස්ථානය හිමි වෙනවා. ඒ රටවල් 40 ක් අතරින්. ඒ අන්තර් ජාතික මට්ටමේ නිරූපණ තරඟාවලියක්. පොඩි කාලේ ඉදන් කලාව කියන දේ මගේ ඇගේ තිබුනා. මට කලාවට සම්බන්ධ වෙන්න ආස වුනත් ඒ වෙනුවෙන් මට කැප කිරිම් කරන්න සිද්ධ වුනා.

ඇත්තටම මම මම ගැනත් කියන්නම මම කියන්නේ මම ආස දේ කරන් කැමති කෙනෙක්. ෆැෂන් වුනත් මම කැමති දෙයක්. ලැබෙන නිදහස් කාලය උපරිම ප්‍රයෝජන අරන් ගෙවන්න මම කැමතියි. මම ජීවිතේ විඳින්න කැමති කෙනෙක්. කෑම බිම වුනත් ඇත්තටම වර්ග කරන්නේ නෑ මම ආස මොනවද මම ඒවා කනවා. ෆිගර් අවුල් වෙයි කැත වෙයි කියලා මම කෑම නොකා ඉන්නේ නෑ. මම වැඩිපුරුම කිරි බොන්න ආසයි. කෙසෙල්, පෙයාස් වගේ පළතුරු කන්න ආසයි⁣. මේ දේවල් මගේ ගමනට වුනත් ප්‍රයෝජන වෙනව කියන්නයි මම හිතන්නේ.”

ඩිශ්නිට රංගන ශිල්පිනියක් විදියට පනමක් නෙවෙයි නර්තන ශිල්පිනියක් ලෙසත් ගොඩක් ජනප්‍රියයි.නිරූපණ කේෂ්ත්‍රයේ ඔස්සේ කලාවට සම්බන්ධ වුන ඇය මේ වනවිට ‘පත්තිනි’, ‘හිතුවක්කාරයෝ’ , ‘සඳ පිණි වැස්ස’ , ‘රාවණා’ යනාදි ටෙලිනාට්‍ය ගනනාවකම සිය රංගන හැකියාව පෙන්වා අවසන්. එමෙන්ම “එක දවසක” චිත්‍රපටයෙන්ද ඇය සිය රංගන හැකියාව ජනතාවට පෙන්වන්න සමත් වෙනවා. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ඩිෂ්නිගේ දැන් ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.