‘මම ලෝකේ වැඩිපුරම ආස එයාගේ මූනේ හිනාවට’ ජනප්‍රිය ගායක හෙක්ටර් ඩයස් කියන කතාව

හෙක්ටර් ඩයස් නම කියන පමාවට මතක් වෙන අලුත් නළුවෙක්.බොහෝ දෙනාගේ ආදරය දිනාගත් දිවිතුරා ටෙලිනාට්‍යයේ ‘අගස්ති’ගේ චරිතයට දායක වෙන හෙක්ටර් ගැනයි අද අපේ කතාව. රංගනයට එන්න බලාපොරොත්තුවක් නොතිබුන ඔබ රංගනයට එකතු වෙන්නේ කොහොමද? “ඇත්තටම මගේ හිතේ කොනකවත් නළුවෙක් වෙන්න ආසාවක් තිබුනේ නෑ. මොකද මම සංගීත වැඩ එක්ක තමා මගේ ජිවිතේ ගෙනගියේ. ඔහොම කාලයක් යද්දි මට දිවිතුරා ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුනත් මම තනියම හිතුවා මට මේ දේ කරන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි මගේ බිරිඳ පාඨලි මාව ශක්තිමත් කරලා මට මේකට සම්බන්ධ වෙන්න කිවුවා. ඒ විදිහට තමා මම රංගනයට එකතු වෙන්නේ.”

ඒ කියන්නේ හෙක්ටර් රංගනයට එන්නේ පාඨලි නිසා. “ඔව් එයත් හේතුවක්. එයා මට නිතරම කිවේ සංගීතය වගේම රංගනය මගිනුත් හොද දෙයක් කරන්න කියලා. ඉතින් එයාගේ කීමට තමයි මම ට්‍රයි කරලා බැලුවේ රඟපාන්න පුලුවන්ද කියලා”

හෙක්ටර්ට ගැන කාන්තාවෝ බොහෝ දෙනා ආකර්ෂණය වෙලා කියන්නේ ඇත්තද? “ඇත්තටම ඒක හරි පුදුම දෙයක්. මොකද ගොඩක් අය මගේ පෙනුමට කැමතියි. ඒක කාන්තාවන්ටම විතරක් නෙවෙයි. ගොඩක් පිරිමි අයත් කියනවා මගේ පෙනුම ලස්සනයි ආකර්ෂණීයයි කියලා. ඒ විතරක් නෙවෙයි එහෙම අයම වෙලාවකට මට කියනවා මේ විදිහට රැවුල තියාගන්න කොණ්ඩේ හදන්න මේ වගේ ⁣ගොඩක් දේවල්. එහෙම බලද්දි කාන්තාවන්ට වැඩියෙන් මට කැමති පිරිමි පාර්ශවය.”

බිරිඳක් විදිහට පාඨලිගෙන් ඔබේ ජිවිතයට ලැබෙන සහය, මොනවගේද “බිරිඳක් විදිහට ඇය බොහොම තේරුම් ගැනිමක් තියෙන කෙනෙක්. රසික ආදරය වුනත් මට ලැබෙද්දි එයා ගොඩක් සතුටු වෙනවා. මොකද මගේ ගමනට මට වඩා උදව් කරන්නේ එයා. සංගීතයේ රංගනයේ මගේ සාර්ථකත්වය පසුපසු ඇත්තටම පාඨලි ඉන්නවා. ඒවගේම එයාගේ ආදරේ මට ගොඩක් වටිනවා. ඇත්තම කියනවනම් මගේ ලෝකේ එයා. මම වැඩිපුරම ආස දේ තමයි එයාගේ මුනේ තියෙන හිනාව” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන හෙක්ටර් ඩයස්ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.