‘මම ලුතිනන්වරයක් කියලා ගොඩක් අය දන්නේ නෑ’ ජනප්‍රිය නළු ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන කතාව

“හොද වැඩේ” වචනය ඇසු පමණික් අපේ මතකයට නැගෙන්නේ කාගෙත් හිත දිනා ගත් තාරුණ්‍ය කඩවසම් නළුවෙකු වු ඉසුරු ලොකුහෙට්ටිආරච්චි. ඉතින් මේ කතාව ජනප්‍රිය ඔහු ගැනයි. මේ වන විට ටෙලි නාට්‍ය රැසකින් ජනතාව අතරට පැමිණෙන මොහුගේ නවතම ටෙලි නාට්‍ය වනුයේ “ඔබ නිසා” ටෙලිනාට්‍යයි. රංගනයට ආව මුල් කාලයේ ටෙලි නාට්‍ය තෝරා ගැනිමක් කරන්නට ඔහුට හැකියාවක් ලැබි නෑ. පවුලේ කිසිවෙකුත් රංගන කේෂ්ත්‍රයේ නොමැති නිසා ලැබුන පොඩි අවස්ථාවෙන් පවා ඔහුගේ දක්ෂතාවය පෙන්නුම් කරන්න ඔහුට සිදු වුනා. නමුත් වර්තමානයේ ඔහු ටෙලිනාට්‍ය තෝරා බේරාගෙන රඟපාන බව අපට පැවසුවා. ඒ වගේම රංගන පිලිබඳ ඉසුරු කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම මේ ක්‍ෂේත්‍රයට ආව මුල් කාලයේ මට ලැබෙන හැම නිර්මාණයක්ම බාර ගත්තා ඒත් දැන් එහෙම කරන්න බෑ. මොකද මට ලැබෙන නිර්මාණ එක්ක මම තරමක් කාර්ය බහුලයි ඉතින් මම දැන් පිටපත කියවලා තමයි නිර්මාණ බාරගන්නේ. හැබැයි මේ දවස්වල රටේ තත්වය වැඩිය හොඳ නැති නිසා වැඩිය වැඩ කරන්නේ නෑ ගෙදරට වෙලා ඉන්නවා” කියලයි.

හැමෝම දන්නේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ නළුවෙක් කියලා විතරයි. නමුත් ඉසුරු ලුතිනන්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඉන් අනතුරුව ඖෂධ අලෙවිකරණ ක්ෂේත්‍රයේ කළමනාකරවරයෙක් ලෙස සේවය කලා. ඉන්පසුව තමයි ඉසුරු රංගනය පිවිසුනේ. ඉසුරු කියන්නේ රංගනය යනු පුර්ණකාලිනව කැප විය යුතු වෘත්තීයක් වු නිසා ඔහු එයට දිගු කාලිනව කැප වු බවයි. අද වන විට ඔහු වෘත්තීමය රංගන ශිල්පීයෙකු ලෙසද ස්ථාවර තත්වයකට පත්ව තිබෙනවා. ඒ වගේම ආදායමට ගැළපෙන වියදම හදාගනිමින් ජිවිතය ඉතා සරළව ලේසියෙන් ගෙවන්න ඔහු පුරුදු වි ඇති බවත් ඉසුරු පවසනවා. විශේෂයෙන් ඔහු කියා සිටියේ ඔහු දෛවය දකින්නේ පිටපතක් ලෙස බවයි. මන්ද එහි Act කරන්න ලැබෙන්නේ ඔහුට නිසා. ඒ කෙසේ වුවත් තමන්ගේ ගමන තිරණය වන්නේ තමන්ගේ හැකියාව මත බව ඔහු කියා සිටියා.

ඉසුරු කියන්නේ මේවනවිට පෙම්වතෙක්. ඔහුගේ ආදරණීය පෙම්වතිය තමයි තරිනදි කියන්නේ. ඉතින් මේ ආදර කතාව පිලිබඳ හැමෝම වගේ දන්නවා. කොහොම වුනත් මේ වනවිට මේ දෙදෙනා ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුනා, ඉතින් ලංකාවේ හැමෝම ආදරේ කරන ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට සහ තරින්දිට ඉක්මනින්ම එකතුවෙන්න වාසනාව ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.