‘මම ලඟදි විවාහ වෙන්න ඉන්නේ ඒ නිසා බොරු කතා හදන්න එපා’ ජනප්‍රිය නිලි නයෝමි කියන කතාව

මේදවස් වල කාගේත් වැඩි කතා බහට ලක්වෙන බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් තමා නයෝමි තක්ෂිලා කියන්නේ. ඇය රංගනයෙන් දායක වන චරිත එකිනෙක වෙනස් . ඒත් ඇය වැඩිපුරම රංගනය කරන්නේ නපුරු චරිත. පහුගිය කාලය පුරාවට රංගන ශිල්පින් බොහෝ දෙනෙක් තමන්ගේ ආරක්ෂාව නිසා රංගන ජිවිත වලින් ඈත් වී රංගන කටයුතු භාර නොගැනිමට කටයුතු කලා. ඉතින් ඒ කාලය කෙමෙන් අවසන් කරමින් භාරගත් වැඩ සියල්ල නිමා කරමින්, සිය පවුල හා එකතුව කාලය ගත කරන නයෝමි ගැනයි මේ සොදුරු කතා බහ.

මේ දවස්වල සිරස නාලිකාවේ විකාශනය වන ‘නීලපබලු’ ටෙලිනාට්‍ය හරහා ඇය දැකගන්න ලැබුනත්, නයෝමිගේ රංගන දිවියේ සංදිස්තානය වන්නේ ‘රන්තලිය වැව’ ටෙලිනාට්‍යයි. ඉතින් ‘රංතලිය වැව’ ටෙලිනාට්‍යයේ මුතු මැණිකා ගැන ඇය කිවේ මෙවැනි කතාවක් ”රන්තලිය වැව ටෙලිනාට්‍යයේ ‘මුතු මැණිකා’ මගේ රංගන ජීවිතයේ සන්ධිස්ථානයක් කිවොත් හරි. මම ගොඩාක්ම ආශාවෙන් කරපු චරිතයක් ඒක. ඒ චරිතය නිරූපණය කරපු හැටි මට මතක් වෙද්දී ඇත්තටම තවමත් බය හිතෙනවා. අභියෝග රැසකට මුහුණ දෙමින් මම ඒ චරිතය ජීවත් කිරීමට උත්සාහ කළා . කොහොම වුනත් නැවත ප්‍රේක්‍ෂකයන්ට ‘රන්තලිය වැව’ නැරැඹීමට අවස්ථාව උදාවෙලා තියෙනවා. මම හිතනවා වෙනදාට වඩා හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් මට ලැබෙයි කියලා” කියලයි.

එකිනෙකට වෙනස් චරිත වලට රංගනයෙන් දායකත්වය ලබාදුන් නයෝමි, ඉදිරියෙදි තවත් ටෙලිනාට්‍ය කිහිපයක් තුළින් ඇය ජනතාවට වැළද ගැනීමට සුදානම්. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නයෝමි ඇයගේ ජීවිතයේ අලුත් පියවරක් තබන්න සුදානම් වෙනවා. ඒ තමයි නයෝමි විවාහ වෙන්න සුදානම් වෙනවා. ඉතින් ඒ පිලිබඳ නයෝමි කියන්නේ මේ වගේ කතාවක් “මෙහෙමයි කෙල්ලෙක් උනාම හැමදාම තනියම මෙහෙම ඉන්න බෑනේ. මම දැන් පෙම්වතියක්. පෙම්වතා ව්‍යාපාරයක් කරනවා. ඉතින් ලබන අවුරුද්දේ අපි දෙන්නා විවාහ වෙන්නයි හිතාගෙන ඉන්නේ. ඔහු මට මගේ නිදහස දිලා මට මගේ වැඩ කටයුතු ඉදිරියටත් කරගෙන යන්න අවස්ථා දිලා තියෙනවා. ඉතින් ඒ නිසා මගේ ජිවිතේ රංගනයට රාමුවක කොටුවිමක් නෑ කියලා මම විස්වාස කරනවා.”

නමුත් ගොඩක් අය කියන්නේ නයෝමි කලින් යාළුවෙලා හිටියේ රංගන ක්‍ෂේත්‍රයේ නියැලී සිටින රංගන ශිල්පියෙක් සමග කියලා. ඉතින් මේ කටකතාව පිලිබඳ නයෝමි කිවුවේ මේ වගේ කතාවක් ”මුලින්ම කියන්න ඕන එක ලොකු බොරුවක්. බොරු කතා හදන්න එපා මොකද මම මගේ ක්‍ෂේත්‍රයේ කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්දයක් පවත්වලා නෑ අනික මම ළඟදී විවාහ වෙනවා. මම මේ ක්‍ෂේත්‍රයේ හැමෝටම ආදරෙයි. මොකද එයාලා මගේ සහෝදරයෝ වගේ ඉතින් ඒ අය එක්ක මට වෙන බැඳීමක් නෑ.” කියලයි. ඉතින් ළඟදීම විවාහ වෙන්න සුදානම් වන නයෝමිට ඉක්මනින්ම යුග දිවියට පිවිසෙන්න වාසනාව ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

01.

02.

03.

04.

05.

06.

07.

08.