‘මම රංගනයෙන් සමුගන්නවා’ හැමෝගෙම ආදරේ දිනාගත් නිපුනිකා කියන කතාව

පුංචි තිරයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් තමයි නිපුනිකා හේවාගමගේ කියන්නේ. ටෙලිනාට්‍ය නිළියක වගේම රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක ලෙසද අප හමුවට එන නිපුනිකා දැන් කළා ක්‍ෂේත්‍රයේ නිතර දකින්න ලැබෙන චරිතයක් නෙවෙයි. කොහොම වුනත් නිපුනිකා කියන්නේ චරිත තෝරා බේරාගෙන කරන කෙනෙක්. ඉතින් ඇය චරිත බාරගන්නා ආකාරය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක්, ” මම ලැබෙන හැම චරිතයක්ම බාරගන්නේ නෑ, මට කරන්න පුළුවන් පරාසයක තිබෙන චරිත විතරයි මම තෝරගන්නෙ. අනිත් ප්‍රධාන කාරණය මම මගේ සීමාව කියල අදහස් කරන්නෙ මම කරන චරිතයක් කිසිම අපහසුවක් නැතුව අපේ ගෙදර කට්ටියට නරඹන්න පුළුවන් වෙන්න ඕන කියනඑකයි.” කියලයි.

නිපුනිකා දැන් විවාහකයි අය විවාහ වෙලා තිබෙන්නේ ලහිරු සමග. කොහොම වුනත් විවාහයෙන් පස්සේ නිපුනිකා වැඩිය දකින්න ලැබුනේ නෑ එකට හේතුව ඇයගේ සැමියාද කියලා අහපු ප්‍රශ්නෙකට ඇය දුන්නේ මේවගේ පිළිතුරක් ” ඇත්තටම නෑ ලහිරු මගේ කිසිම දේකට බලපෑම් කරන්නෙ නැහැ. එයා මට නීති දාන්නෙත් නැහැ. ඒ නිසා මට ලහිරු එක්ක ජීවත් වීම පහසුයි. මට කළා ක්ෂේත්‍රය නිසා බොහෝ දෙනාගේ ආදරය ලැබුණා. මම ඒකට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම මම ලහිරුට ගොඩක් ආදරෙයි. ඉතින් වෘත්තියට වඩා හොඳ බිරියක් ගෘහණියක් වෙන්න රංගනය අතහරින්න මම තීරණය කළා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන නිපුනිකාගේ සුන්දර පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.