‘මම යූ ටියුබ්වලින් ලැබෙන මුදල් සතයක්වත් තියාගන්නේ නෑ’ ඉරාජ් වීරරත්න

ලංකාවේ ගීත කලාවේ වෙනස්ම මානයකට රැගෙන ගිය කළා කරුවෙක් තමයි ඉරාජ් වීරරත්න කියන්නේ. ඒ වගේම ආන්දෝලනාත්මක වීඩියෝ නිර්මාණය කිරීම නිසාත් ඉරාජ් ලංකාවේ හැමෝම අතර ජනප්‍රියයි. ගායකයකු මියුසික් වීඩියෝ නිර්මාණකරුවකු, යු ටියුබ් නාළිකා මෙහෙයවන්නකු හා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස තමන්ගේ නිර්මාණ කටයුතුවල නිරත වී ඉරාජ් පසුගිය කාලයේ දේශපානය නිසාත් හැමෝම අතර කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වුනා. ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන්න විශාල වැඩ කොටසක් කල නිසා. ඉතින් ඒ පිලිබන්ඩ් ඓරාජ් කිවුවේ මේ වගේ කතාවක් ”වත්මන් ජනාධිපති තුමා බලයට ගේන්න මම උදව්කළ බව ඇත්ත. එකට විශේෂයෙන්ම බලපෑවේ පසුගිය ආණ්ඩුකාලයේ තිබුණු ප්‍රශ්න ඉතින් ඒ අය එළවන්න සහ අලුත් කෙනෙක් පත්කරන්න වැඩ කටයුතු කළා. එච්චරයි කියලයි”

ඉරාජ් පිලිබඳ හැමෝම කියන කතාවක් තමයි ඉරාජ් මියුසික් වීඩියෝ හා යූ ටියුබ් වලින් විශාල මුදලක් සොයනවා කියලා. ඉතින් ඒ පිලිබඳ ඉරාජ් කියන්නේ මේ වගේ කතාවක් ”ඔව් මට යම්කිසි ආදායමක් එනවා නමුත් ටියුබ් ආදායම්වල සියලුම මුදල් යොදවන්නේ දුප්පත් ළමයිට, සහ පන්සල්වලට විශේෂයෙන් පිළිකා හැදුණු ළමයින්ට. ඒ වගේම උතුරු නැගෙනහිර පන්සල්වලට හා දුප්පත් පන්සල්වලට දුප්පත් ළමයින්ට මේ සල්ලි යොදවනවා. ඇත්තම කියනවනම් මම යූ ටියුබ්වලින් ලැබෙන මුදල් සතයක්වත් මගේ වැඩ වලට යොදාගන්නේ නෑ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ජනප්‍රිය චරිතයක් වන ඉරාජ්ගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.