‘මම යන්නේ ආයේ ලංකාවට එන්න බලාගෙන නෙවෙයි’ බෝනික්කෙක් වගේ හුරතල් අප්සරා කියන කතාව

රංගන ශිල්පිනියන් වගේම නිවේදන ශිල්පීන් කියන්නෙත් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි, ඉතින් ඒ වගේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ගොඩක් සුන්දර නිවේදන ශිල්පිනියක් තමයි අප්සරා මැණික් දිසානායක කියන්නේ. අංගර ඉංගර, හිත අද්දර, සිරසාලින්දය වැනි වැඩසටහන් ගණනාවක්ම ඇය ඉදිරිපත් කළා. කාලයක් අප්සරා විදේශගතව සිටියා. පසුව ඇය නැවත ලංකාවට පැමිණ තිබුනා. අප්සරා සිරසට එකතු වෙන්නේ 2011 වසරේදී, ඒ සිරස එෆ්.එම් එකට, ගුවන්විදුලි නිවේදිකාවක් විදිහට. ඉන්පසුව 2013දි ඇය. සිරස ටී.වී. එකට සම්බන්ද වෙනවා.

අප්සරා කියන්නේ සුන්දර රුවක් සහිත තරුණියක්. ඉතින් ඇයගේ සුන්දරත්වය නිසාම ඇයට රංගනයට ආරාධනා ලැබෙනවලු ඉතින් ඇය ඒ පිලිබඳ කියන්නේ මේවගේ කතාවක් ”මට ගොඩක් ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඒත් මම හිතන්නේ නැහැ මට රඟපාන්න පුළුවන් කියලා. මගේ හීනය තිබුණේ නිළියක් වෙන්න නෙවෙයි හැමෝම දන්නා නිවේදිකාවක් වෙන්න. මම හීනයට දැන් ඇවිත් තියෙන්නේ. ඉතින් මට රංගනය සඳහා ලැබුණු හැම ආරාධනාවක්ම මම ප්‍රතික්ෂේප කළා.” කියලයි. අප්සරා දැන් විවාහකයි ඉතින් ඇයගේ ඉදිරි ජීවිතය පිලිබඳ ඇය අපිට කිවුවේ මෙහෙම කතාවක් ”මගේ හස්බන්ඩ් ඉන්නේ ඕස්ටේර්ලියාවේ. මමත් පහුගිය දවස්වල ඕස්ට්‍රේලියාවේ හිටියේ. මම නැවතත් ඕස්ට්‍රේලියාවේ යනවා. ඒ යන්නේ ආයෙත් ලංකාවට ඒමේ බලාපොරොත්තුවකින් නෙවෙයි. මම කවිත්ව මැරි කළෙත් එහේ පදිංචියට යන්න බලාගෙන. එයාට ලංකාවට එන්න ෆැලෑන් එකක් නැහැ. මම සිරසට වගේම නිවේදන වෘත්තියටත් හැමදාටම ආදරෙයි. ඒත් හැමදේටම වගේම පෞද්ගලික ජීවිතයටත් මුල් තැනක් දෙන්න ඕනේ.” කියලයි. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අප්සරා මැණික් දිසානායකගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.