‘මම යන්නෙ ටිකක් අමුතු ගමනක්’ සමනලියක් වගේ සුන්දර නිලි මුතූ තරංගා කියන කතාව

පුංචි තිරයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි මුතූ තරංගා කියන්නේ. ඒ වගේම පුංචි තිරයේ සිටින සුන්දර සිනහවක් තියෙන රංගන ශිලිනියක් තමයි ඇය. මුතූ දායක වුනේ බොහොම පොඩි නිර්මාණ සංඛ්‍යාවක වුනත් ඇය හැමෝගෙම මතකයේ රැඳෙන සුන්දර චරිතයක් බවට පත්වුනා. සුන්දර චන්දරේ, අම්මාවරුනේ, මැදගෙදර, ආදරේ අහස තරම්, සුදු හංසි, රිදී තාරකා, ආදී ටෙලිනාට්‍ය හා සිනමාපට ගණනාවකට රංගන දායකත්වය ලබාදුන් ඇය නිරූපණය, රංගනය, නර්ථනය, ගායනය, යන ක්ෂේත්‍ර ගණනාවකටම ගොඩක් දක්ෂයි.

වර්තමාන නළු නිලියන් ජීවත් වන ආකාරය දකිද්දි බොහෝ අයට හැඟෙන්නෙ ඔවුන් බොහොම සුපිරි ජීවිත ගත කරන, හොඳට මුදලක් උපයන පිරිසක් බව ඉතින් ඒ පිලිබඳ ඇසු පැනයකට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්, ”මෙහෙමයි මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු ගාණක් ගියාට පස්සේ තමයි මට මගේම කියලා වාහනයක් ගන්න පුළුවන් වුණේ. හැබැයි දැන් ඉන්න අය එක නිර්මාණයකින් වාහනයක් ගන්නවද කියලා මම දන්නෙ නැහැ. හැබැයි මම යන්නෙ ටිකක් අමුතු ගමනක්. ඒක නිසා වෙන්නැති මං නිතරම රූපවාහිනියෙ නැත්තෙ. මම කිසිම කෙනෙක් එක්ක ඕනෑවට වඩා ඇලී ගැලී කතා කරන්න යන්නෙ නැහැ. මම ඕනෑවට වඩා මිනිස්සු විශ්වාස කරන්න යන්නෙ නැහැ හැමෝම අතේ දුරින් තියන් ඉන්නේ.” කියලයි. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මුතූ තරංගාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.