‘මම මුල මතක කරන එකෙක් නෙවෙයි’ දෙවෙනි ඉනිමෙන් ඉවත් වුන කණිෂ්ක කියන කතාව

වර්තමානය වන විට ගායනයෙන් පමණක් නොව රංගනයෙන්ද බොහෝ ප්‍රේක්ෂක හදවත් දිනාගත් චරිතයක් ලෙස කණිෂ්ක ප්‍රසාද් එහෙම නැතිනම් දෙවනි ඉනිමේ චබී කියන චරිතය හදුන්වන්න පුලුවන්. දක්ෂතාවය මෙන්ම වාසනාවද උරුම කරගත් රංගන ශිල්පියෙක් කීවොත් මොහු තව දුරටත් නිවැරදි. කෙසේ වෙතත් මොහු දෙවනි ඉනිම නාට්‍යෙන් නිහඩ වීමත් සමග නැවත පේක්ෂක හදවත් වලට ඇතුල්වන්නේ සිරස නාලිකාවේ විකාශය වන නීල පබලු ටෙලි නාට්‍ය මගිනි. මේ ඔහු සමග කළ සුහද කතා බහක්.

‘චබී’ කියන චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයකට පන පොවන නිසාම ඔහුට මේ වන විට පේක්ෂක ප්‍රතිචාර බොහෝ ලැබෙන බවත් ඔහුගේ හැකියාව දැක ලලිත් වසන්ත මහතා නීල පබලු නාට්‍යයේ රුක්මන්ගේ චරිතයට ඔහුට ආරාධනා කළ බවත් වැඩිදුර ලෙස කියා සිටියා. ඔහුගේ පළමු චරිතය දෙවනි ඉනිම නාට්‍යයෙන් බිහිවූ නිසාම ඔහු කියා සිටියේ මේ වගේ කතාවක් ”සමහර අය කියනවා මම දෙවෙනි ඉනිම දාලා වෙන නාට්‍යයකට ගියේ වැඩිපුර ජනප්‍රිය වෙන්න කියලා. ඒ අයට කියන්න තියෙන්නේ මම කවදාවත් මුල අමතක කරන කෙනෙක් නෙවෙයි. චබී කියන්නේ මගේ පළමු රංගනය. මිනිස්සු මාව අඳුර ගත්තේ මට ආදරේ කලේ මේ චරිතය නිසා. ඇත්තම කියනවනම් දෙවෙනි ඉනිම කියන්නේ මම දෙවනනුව ඉපදුන තැන. දැනට ඒ නාට්‍යයෙන් අයින් වෙලා හිටියට චබී කියන චරිතයේ මම හැමදාම ජීවත් වෙනවා” කියලයි.

අවුරුදු හතරක පමණ කාලයක් මත එක පවුලක් ලෙස රංගන කටයුතු කල දෙවනි ඉනිම නාට්‍යයෙන් ඔහු නිහඩ වූයේ ගත වූ කාලය තුළ නීල පබලු නාට්‍ය හා වේලාව වෙන් කර ගැනීම අපහසු වන බවත් ඔහු ඔහුගේ පෞද්ගලික තීරණයක් ලෙස මෙය ගත් බවත්ය. දෙවනි ඉනිම කතාංගය යම් දිනක වෙනස් අයුරකට හැරී ඔහු නැවත ඒ සදහා දායක වන බවත් කියා සිටියා. ඒ වගේම ගායකයෙක් ලෙස තම ගමන ආරම්භ කළ කණිෂ්කගේ ජීවිත කතාව පෙනෙන තරම් සුන්දර නෑ. වැටුන තැන් ඔහුට රිදුන තැන් ජීවිතේට පාඩමක් කරගෙන අද වන විට කනිෂ්ක කළා ලෝකය තුල බොහෝ දුරක් පැමිණ තියනවා. මේ වන විට ඔහුට ‘ඉදිරියට’ නම් අලුත් නාට්‍යයක ප්‍රධාන චරිතයට ආරාධනා ලැබී තිබෙනවා. විශේෂයෙන් ඔහු කියා සිටියේ ඔහුගේ රංගන හැකියාව වගේම ගායන හැකියාව යටපත් නොවෙන්න කටයුතු කරන බවයි ඒ වගේම කනිෂ්කගේ අලුත්ම ගීත කිහිපයක් ඉදිරියේදී අපට දැකගන්න ලැබෙයි කියලත් ඔහු අප සමග පැවසුවා. අවසාන වශයෙන් මේ වන විට ඔහු ප්‍රේමවන්තයෙකු බවත් ඇය කලා ක්ෂේත්‍රයේ නොවන බවත් කියා සිටියා. ඒ වගේම ළඟදීම විවාහ වෙන්නත් පුංචි බලාපොරොත්තුවක් තියනවා කියලත් කනිෂ්ක අපි සමග පැවසුවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.