මම මගේ ආගම වෙනස් කරගන්න තීරණය කළා – සිහින සමාගමේ මාෂි

දිව්‍යශාරිකා කියන්නේ කාලෙකට පස්සෙ රංගන ක්ෂේත්‍රයට පැමිණි වෙනස් නමක් ඇති වෙනස් කෙනෙක්. අති දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් වන ඇය මේ මේ දිනවල සිහින සමාගමේ මාෂි විදියට පුංචි තිරය හරහා ඇය ඔබේ ආලින්දයට පැමිණෙනවා, මේ ඇය අපට කියූ කතාවයි.

හිතවතුන් ඔබව හඳුන්නන්නෙ කෙලෙසද?

මගේ නම දිව්‍යශාරිකා ෆිගේරා. මගේ පවුලේ අය යාළුවො වගේම ක්ෂේත්‍රයේ අය මාව හඳුන්වන්නෙ දිව්‍යා කියල. මේ දවස්වල මගේ රසික රසිකාවියන් හැමෝම වගේ මට කියන්නෙ මාෂි කියල. ඒ සිහින සමාගමේ මම රඟපාන චරිතය නිසා. සමහරු දිව්‍යා කිවුවම දන්නෙ නැහැ. එයාල මාව දන්නේ මාෂි කියල. මම ඒකට ගොඩාක් කැමතිය.

දිව්‍යා මේ වන විට රඟපා තිබෙන වේදිකා සහ ටෙළිනාට්‍ය මොනවද?

ටෙලිනාට්‍ය ගොඩක රඟපාලා නැහැ. මම ගොඩක් රඟපාලා තියෙන්නෙ වේදිකා නාට්‍යවල. මධ්‍යම පළාත් නාට්‍ය උළෙලට මම නාට්‍ය පිටපතක් ලිව්ව. එම නිෂ්පාදනයේ හොඳම නිළිය විදිහට මට සම්මානයක් හිමිවෙනව. ඒ තමයි මගේ ගමනෙ ආරම්භය. ඊට පස්සෙ මම කැලණිය විශ්විද්‍යාලයට ආවා විශ්විද්‍යාලය මගින් කළ ඇන්ටන් චෙකොෆ්ගෙ වලහ, කිලර්, ෆස්ට් ලව් ප්‍රියංකර රත්නායකගෙ රතු වෙස්මුහුණ ,විසේකාරියෝ අනුරාධ සුබසිංහගෙ ඉන්ද්‍රජාලික පෙම්වතිය, සංජීව ගුණරත්නගෙ ආදරවන්තයින්ගෙ පාර්ලිමේන්තුව යන වේදිකා නාට්‍යවල රඟපාන්න ලැබුණා.

දිව්‍යා කියන්නේ ලැබෙන හැම චරිතයක් භාර ගන්න නිළියකද?

කලින් කරපු චරිතයක් වගේම තවත් චරිතයක් කරන එක නම් වැඩක් නැහැ. රඟපානව කියල මට හැමෝටම මුහුණ පෙන්නගෙන ඉන්න ඕන නෑ. රංගනය වැඩි දියුණු කරගන්න පුළුවන් චරිත ලැබෙනව නම් මම ඒ චරිතය කරනව. එකිනෙකට වෙනස් චරිත කරන්න මම ගොඩක් කැමතියි.

දිව්‍යගේ අනාගත අරමුණ මොකද්ද ?

පොඩිකාලෙ ඉඳන් මම විද්‍යාව අංශයට පට්ටම ආසයි නමුත් මොකක්දෝ හේතුවක් නිසා මට නාට්‍ය හා රංගකලාව තෝරගන්න සිද්ධ වුණා. දැන් මම කැලණිය විශ්විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධියෙ හතර වන වසරයි ගෙවන්නෙ. නිළියක් කියන ලේබල් එක මට අවශ්‍ය නැහැ. අංග රචනය ගැඹුරින් ඉගෙන ගන්න මම කැමතියි.

දිව්‍යා හැදී වැඩෙන්නෙ අධ්‍යාපනය ලබන්නෙ කොහෙද?

මගේ මහ ගෙදර තියෙන්නෙ නුවර. මම ක්‍රිස්තියානි ආගමේ. මම අවුරුදු නවයක්ම අධ්‍යාපනය ලබන්නෙ. පහන ලක්පහන ඇඩ්වෙන්ටින් කොලේජ් ඇන්ඩ් සෙමිනරි. ඊට පස්සෙ මම හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයෙත් අවුරුද්දක පමණ කාලයක් අධ්‍යාපනය ලැබුව. මොකද මම මගේ ආගම වෙනස් කරන්න තීරණය කළ නිසා. ඊට පස්සෙ මම ඉගෙන ගන්නෙ මහනුවර මහාමායා උසස් බාලිකා විද්‍යාලයෙ. ඉස්කෝලෙ කාලෙ මම ගොඩක්ම පොත පත එක්කම හිටපු ළමයෙක්. මම හීන මැවුවෙ හොඳ ඉසඩ් ස්කොර් එකක් අරගෙන කැම්පස් එන්න. මම ඒක ඉෂ්ට කරගත්තා මහනුවර දිස්ත්‍රික්යෙන් 45 වෙනිය විදිහටයි මම කැම්පස් එන්නෙ.

දිව්‍යගේ ආදරවන්තයා කව්රුන්ද?

පාසල් කාලෙනම් ලවු එකක් ආසාවටවත් තිබිල නැහැ. කැම්පස් ආවට පස්සෙ මේකෙ ඉගෙන ගන්න දේවල් ගොඩයි. ඒත් මගෙ හිතේ ඉන්න කෙනා තවම මට හමුවෙලා නැහැ. මමත් කෙනෙක් හොයනව. ගෙදරිනුත් බලනව. මොකද මට අවශ්‍ය නැහැ බොරුවට සම්බන්ධතා ඇතිකරගෙන දුක් විඳින්න. ඉවසීමෙන් ඉඳල හරිම කෙනා ආවහම මම සතුටින් ජීවත් වෙනව.