‘මම බිකිනි අඳින්නේ රටට ගෞරවයක් හිමි කරලා දෙන්න’ පාරදිගේ නාට්‍යයේ වත්සලා කියන කතාව

රෙහාන් දුටුදා ඉඳලා වත්සලා නිතර දෙවේලේ උත්සාහකළේ රෙහාන්ගේ ආදරය හිමිකර ගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ ආදරය හිමිකර ගැනීමට වත්ලාදමන මායම ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ. කොහොම වුනත් දැන් වත්සලා රෙහාන්ගේ රහස් ගොඩක් දැනගෙන ඒ වගේම ඒ රහස් කිහිපයක් රෙහාන්ගේ අම්මට සහ නංගිට කියලා. ඉතින් දැන් වත්සලාට රෙහාන්ගේ ආදරය හිමිවේද? එහෙමත් නැතිනම් ‘පාරදිගේ’ යන අතරතුර වත්සලාගේ ජීවිතයට මොනවගේ ඉරණමක් සිදුවේද කියා දැනගැන්න ඔයාලා සියලුමදෙනා බලා සිටින්නට අතරතුර ‘වත්සලා’ චරිතය නිරූපණය කරන නිලූ ටනාෂා සමග සොදුරු කතා බහක නිරත වෙන්නයි මේ සුදානම.

ජීවිතයේ හැම දෙයක්ම බලාපොරොත්තු නොවුන විදිහට සාර්ථක වෙද්දි ජිවිතේ කොයි කවුරු වුනත් විදින්නේ නිහතමානි සතුටක්. මොකද ජිවිතේ ගමනක් එන්න ඕනම කෙනෙක් සෑහෙන්න කැපකිරිම් කරනවා. සමහර විට ටනාෂාද එසේ විය හැක. රොෂාන් ඩයස් යටතේ අවුරුදු දහයක පමණ කාලයක් නිරූපණ ක්ෂේත්‍රයේ නිරූපිකාවක් වු ඇය මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසලෙන් රංගනය පිලිබද හැදෑරිම් සිදුකර තියනවා. සේද මාවත චිත්‍රපටයේ මුස්ලිම් චරිතයකට පණ පොවමින් ඇය සිය ජිවිතේ රංගන ගමන ආරම්භ කළා. නවක ශිල්පිනයක් වුවත් අය කැපවිමෙන් සිය කටයුතු කලේ ප්‍රවිණයන් හා එකතුව, කලා ක්ෂේත්‍රයේ වර්ගිකරණයක් නැතුවම ජනතාවට අතරට එන්න ඇය, මේ වනවිට ජනප්‍රිය නිර්මාණ කිහිපයකටම සිය දායකත්වය ලබාදී තිබෙනවා. කොහොම වුනත් නිලූ ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුනේ ‘වත්සලා’ විදියට. නිරූපිකාවක ලෙස කලාවට පිවිසි නිලූ වර්තමානයේ නිරූපන ක්ෂේත්‍රයේ තත්වය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් “මම කියන්නේ කාට වුනත් හොඳ හැදෑරීමක් ඇතිව නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කියලා. මේ ක්‍ෂේත්‍රය අගාදයට ඇද දමන්න එපා. මොකද අපිට පසුව එන පිරිසටත් අපි මෙය රැකලා දිය යුතුයි. අපි මේ ක්‍ෂේත්‍රයට ආවෙත් අපිට වඩා වැඩ කරපු ප්‍රවීණ නිරූපිකාවන් වැදගත් විදියට කටයුතු කරපු නිසා. අපිටත් ආශාවක් ඇතිවුණා නිරූපණයට සම්බන්ධ වෙන්න ඒ නිසා.” කියලයි.

නිරූපිකාවක් විදියට පැජන්ට් තරඟ වලට බිකිනි අඳින්න සිද්ද වෙනවා. නමුත් ලංකාවේ මේ පිලිබඳ තියෙන්නේ තරමක් අසුබදායි මතයක් ඉතින් ඒ පිලිබඳ නිලූ කියන්නේ මේ වගේ කතාවක්. “පිටරටක බිකිනි ඇඳලා ෆැජ්නට් කරනවා කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක්. ඒත් ලංකාවේ අපි කවුරු හරි බිකිනි ඇන්දොත් එය බලන්නේ වැරැදි විදියට. ඇත්තටම බිකිනි අඳින්නේ අපේ සිරුරේ හැඩය බලන්න. මමත් ගොඩක් ෆැජ්නට්වල බිකිනි අඳිනවා. මම සිරුර හදාගන්න ජිම් එකේ පැය හයකට වඩා මහන්සි වෙනවා. අහාර පාලනය කරනවා. මම ආස දේවල්වත් මම කන්නේ නෑ. ඒ වගේ කැපකිරීම් කරලා මම මහන්සි වෙන්නේ මගේ රටට ගෞරවයක් හිමිකර ගන්න. පැජන්ට් එකකින් දින්නම කාටද ආඩම්බර, අපේ රටට. මොකද ලෝකෙම දැනගන්නවා ලස්සන කෙල්ලෝ ඉන්නේ ලංකාවේ කියලා. ඒත් අපේ රටේ ඒ තත්වේ වෙනස් බිකිනියක් ඇන්දොත් ඒ නිරූපිකාව ගැන ලොකුවට කතා වෙනවා. වැරදි වැඩ කරන ගැහැනියක් කියලා සමාජය ඇය හංවඩු ගහනවා හැබැයි මේ හැමදේම වෙන්නේ ලංකාව තුළ පමණයි. මේකට ප්‍රධාන හේතුව අපේ මිනිස්සු තවම හිතන්නේ ගල් යුගයේ විදියට. මම විදේශගත වෙලා බිකිනි ඇඳලා ෆැජ්නට් කිහිපයක්ම ජයග්‍රහණය කළා. ෆැජ්නට් තරගයක් සඳහා මේ වසරේ සැප්තැම්බර්වලත් මම විදේශගත වෙනවා. ඉතින් මම හිතන්නේ නෑ බිකිනි ඇන්දා කියලා හැමෝම ඒ ගැන කතා කල යුතුයි කියලා.” ඉතින් ඔයාලා ආදරේ කරන ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ වත්සලාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10

11.

12.

13.

14.