‘මම පොරක් වෙන්න කැමැති නැහැ’ තරුණයන් වශී කරගත් ජනප්‍රිය ගායිකා ජින්ජර් කියන කතාව

ලාංකේය ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන තරුවක් තමයි ජින්ජර් වයිට් කියන්නේ. වැඩිය මාද්‍ය වලට එන්නේ නැතිවුනත් ප්‍රසංග වේදිකාවේ නම් ඇය නොමැති තරම්. ජින්ජර් කියන විදියට මේ දවස් නම් ඔහේ ගෙවීගෙන යනවලු. කොහොම වුනත් ජින්ජර් කියන්නේ ගායිකාවක් පමණක් නෙවෙයි ඇය සමාජ සේවිකාවක් මේ පිලිබඳ බොහෝ අය දන්නේ නෑ ඉතින් ඇය ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි ඇත්තටම මම අර දේවල් කළා, මේවා කළා කියලා ෆේස් බුක්වල දාන්නේ නැ. මම එහෙම ජනප‍්‍රිය වෙන්න ආස නැහැ. රණවිරුවන් වෙනුවෙන්, පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් මට පුළුවන් හැකි අයුරින් ගොඩක් දේවල් කරනවා එදත් එහෙමයි අදත් එහෙමයි. මම හිතන්නේ අපි කරන දේවල් අපේ හිතේ තිබුණම ඇති. සමාජයට ඒ දේවල් දීලා මම ‘පොරක්’ වෙන්න කැමැති නැහැ.” කියලයි.

ගින්ජර් කියන්නේ වෙනස්ම ආකාරයේ ගීත ගායනා කරන ගායන ශිල්පිනියක්. ඉතින් වර්තමානයේ කලාව පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක්. ” දැන් කලාව පිලිබඳ ඇත්තටම දුකයි. සංගීතය කියන්නේ ඔසුවක් වගේ. දැන් ගීතවල සමහර විෂුවල් තියෙනවා බලන්න අප්පිරියයි. ඒවගේ ඉන්න පිරිමි හොටුපෙරාගෙන අඬනවා. අපේ සංගීත ප‍්‍රවීණයෝ විරහ ගීත ගායනා කළා. හැබැයි හොටුපෙරාගෙන ඇඬුවේ නැහැ. ඇඬිල්ල මාකට් කිරීම සංගීතය නෙමෙයි. කලාව ඇතුළේ ජෝකර්ලා වෙන්න එපා. කෙල්ලෝ අඬන විදිහ දැක්කම මළගෙවල් වලවත් ඒ තරම් අඬනවා මම දැකලා නැහැ.” කියලයි. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය ගායිකා ජින්ජර් වයිට්ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.