‘මම පෙර පාසලක් පටන් ගන්න හිතන් ඉන්නේ’ දෙවන වරට විවාහ වුන ජනප්‍රිය නිලි ශේෂාද්‍රි කියන කතාව

සිනාමව තුළින් දැකපු ඒ රුව වර්තමානය වන විට රංගනයෙන් මෙන්ම නිවේදනය හරහාත් ඔබට දැකගන්න පුළුවන්. කලක් පැවති නිහඩ බව බිදිමින් නැවතත් කලා ලෝකයට පා තබන ඇය ශේෂාද්‍රි ප්‍රියසාද්. මේ කතාව ඇය ගැන. සිනමාව තුළින් ඇය දැක්කත් වර්තමානයේ පුංචි තිරයේ ‘ආලියා’ ලෙස ඇය බොහෝ හදවත් වසඟ කර අවසන්. අලුත් විදිහට අලුත් දේවල් හිතන මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන මේ නාට්‍යට ඇය එන්නත් මූලිකම හේතුව මේනකගෙන් ලැබුන ආරාධනාව බවයි ඇය පැවසුවේ. පිටපතේ පටන් ඇයට ඒ චරිතය ගැන ආසාවක් ඇති වු බවත්, ඒ චරිතය ජිවිතේ වෙනස් කරන චරිතයක් නිසාමත් නැවතත් රංගන ජිවිතයට එන්න අඩිතාලම වැටුන බවත් ඇය තව දුරටත් කියා සිටියා.

පසුගිය කාලයේ ශේෂාද්‍රි වැඩිය පෙන්න හිටියේ නෑ. කොහොම වුනත් ඇය විවාහයෙන් පස්සේ නැවතත් කලාවට දම්බන්ද වෙලා. ඉතින් ශේෂාද්‍රිගේ මේ වෙනස්වීම පිලිබඳ අපිත් එක්ක කිවුවේ මේ වගේ කතාවක්. “ඇත්තටම මම ජිවිතේ නැතිවුන දේවල් ගැන හිත හිත කාලේ ගෙවන කෙනෙක් නෙවෙයි. අනික මම තිරණයක් අරන් කිසි දවසක පසුතැවිලි වෙන්නේ නෑ. මම ගන්න තිරණ ගැන ඇත්තටම මම තෘප්තිමත් වෙනවා. ඇත්තටම ක්‍රිෂාන් කියන්නේ මගේ ජිවිතේ සිමා නැතුව මගේ ගමන යන්න මට උදව් කරන කෙනෙක්. ඉතින් ඒ නිසාම ම⁣ට මේ අවස්ථාව වටිනවා කිවොත් හරි. අපි අපිව තේරුම් අරගෙන ඉන්න නිසාම අපි දෙන්නා සහයෝගයෙන් අපේ ගමන යනවා. අනික මට ආයේත් රංගනයට එන්න ප්‍රේක්ෂක ජනතාවද හේතුවක් වුනා. මාව නොදැක හිටපු කාලයේ වුනත් ඔවුන්ගේ ආදරේ වෙනසක් නෑ. ඉතින් මම හෙමින් මගේ ගමන යනවා.” කියලයි.

ශේෂාද්‍රි කියන්නේ තරගකාරිත්වයක් නැතුව තම ගමන යන රංගන ශිල්පිනියක්. ඇය කිසිදු සම්මානයක් ⁣ගන්න අදහසින් රංගනයට දායක වෙන රංගන ශිල්පිනියක් නෙවෙයි. කෙසේ වුවත් ඇය ලැබෙන සියළු ප්‍රතිචාර හදවතින්ම භාර ගන්න බවට සැකයක් නැත. ඇය අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිහත් නොවි අනවශ්‍ය ප්‍රශ්න වලට උත්තර නොදි පාඩුවේ තම ජිවිතය ගෙවාගෙන යද්දි අපි ඇගේ ඉදිරි කටයුතු ගැන ඇසු විට ඇය කිවුවේ මේ වගේ කතාවක් “මම ඇත්තටම ඉගෙන ගත්තේ පුර්ව ළමා විය ගැන. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මගේම කියලා පෙර පාසලක් පටන් ගන්න. ඒක තමා මගේ ලොකුම හීනය. ඒ වගේම මගේ සැමියාගේ වැඩ වලට උදවු කරනගමන් හොඳ නිර්මාණ ලැබුනොත් ඒවටත් රංගන දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා” කියලයි. ඉතින් ළඟදී යුගදිවියට පිවිසි ශේෂාද්‍රිගේ බලාපොරොත්තු ඒ විදියටම ඉටුවෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.