‘මම පෙම්වතියක් නෙවෙයි මම තවම පුංචි කෙල්ලෙක්’ දඟකාර නිලි ශනුද්‍රි ප්‍රියසාද් කියන කතාව

අපේ කළා ලෝකයේ ජනප්‍රියත්වය අතින් ඉහලින්ම ඉන්න පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ඉතින් මේ පවුලේ සහෝදරියන් තුන්දෙනා ලංකාවේ නොදන්නා කෙනෙක් නෑ, ඒ වගේම මේ පවුලේ සහෝදරියන් දෙදෙනෙක් මේ වනවිට විවාහකයි දැන් විවාහ වෙන්න ඉන්නේ ශනුද්‍රි ප්‍රියසාද් පමණයි. 1997 වසරේ සැප්තැම්බර් මස 08වන දින උපන් ශනුද්‍රි ප්‍රියසාද් කුඩා කාලයේ ඉඳලම ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිතයක්. ළමා නිලියක් ලෙස කලාවට පිවිසි ඇය මේ වනවිට රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, ගායිකාවක් නිරූපන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක ලෙසත් ගොඩක් ජනප්‍රියයි. විවිද කළා නිර්මාණ හරහා ලංකාවේ ජනප්‍රිය වුනත් ශනුද්‍රි පිලිබඳ වැඩිම ප්‍රේක්ෂක අවදානයක් ලක්වුණේ ටීවී දෙරන් ඔස්සේ විකාශනය කරන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍ය නිසා. එම නාට්‍යයේ ප්‍රධාන චරිතයට පන පෙවූ ශනුද්‍රි පසුව එම නාට්‍යයෙන් ඉවත්වෙනවා.

දෙවෙනි ඉනිමෙන් ඉවත්වුණ ශනුද්‍රි මේ වනවිට හිරු නාලිකාවේ විකාශනය වන ‘දිවි තුරා’ නාට්‍යට සිය රංගන දායකත්වය ලබාදෙනවා. කොහොම වුනත් ශනුද්‍රි නැවත සිනමාවට සම්බන්ද වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවලු ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”මම කලින් සිනමාපට කිහිපයකට රංගන දායකත්වය ලබාදීලා තිබ්බා හැබැයි ලඟදි කලේ නෑ. ආරාදනා කිහිපයක්ම ලැබුනා ඒත් ඒ ලැබෙන චරිත මට ගැලපෙන ඒවා නෙවෙයි මම බාරගන්නේ මට ගැලපෙන ඒ චරිතයට උපරිම ආදාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙන නිර්මාණ විතරයි” කියලයි. ශනුද්‍රි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඉතින් ඇයගේ මේ සුන්දරත්වය නිසාම ශනුද්‍රිට ආදර යෝජනා ගලාගෙන එනවලු ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”ජනප්‍රිය වුනාම හැමෝම ආදරෙයි කියනවනේ. ඉතින් ඒ වගේ යෝජනා කෙල්ලෙක්ට කොහොමත් එනවා එත් මම තවම පෙමවතියක් නෙවෙයි. තාම පොඩි කෙල්ලෙක් නේ තව චුට්ටක් ලොකු වෙලාම ඕවා ගැන හිතනවා” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ශනුද්‍රිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.