‘මම පවුලේ නම්බුව නැතිවෙන වැඩ කරන්නේ නෑ’ පොටෝ ෂූට් එකක් නිසා ජනප්‍රිය වුන මැට්ටි කියන කතාව

කලකට ඉහත ටෙලිනාට්‍ය කිහිපයක් තුළින් ජනතාවගේ ආදරේ දිනාගෙන වර්තමානයේ සිනමාව අතරින් ජනතාව අතරට එන ඇය දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක්. නමින් ඇය මධුෂානි වික්‍රමසිංහයි. පසුගිය කාලයේ ඇය ගැන පිලිබඳ හැමෝම කතාවුනේ පොටෝ ෂූට් එකක් නිසා ඒ වගේම සමාජ ජාලා රැකස ඇයගේ චායාරූප ශෙයා වුනා. කුඹල් කර්මාන්තයේ නියැලෙන කාන්තාවක ලෙස සිදුකල මේ පොටෝ ෂුට් එක නිසා හැමෝම ඇයට කිවුවේ ‘මැට්ටි’ කියලා. ඉතින් මේ සොදුරු කතාබහ ඇය සමඟයි.

අතිතයේ ටෙලිනාට්‍ය අතරින් දුටු ඇය වර්තමානයේ දි ටෙලිනාට්‍ය තුල දකින්න නොලැබිම ගැන අපි ඇයගෙන් අසද්දි ඇය අපිට පැවසුවේ මේ වගේ කතාවක්. “මම ජිවිතේ කැමති මානසික නිදහසට. ඇත්තටම සිනමාවේ තියෙන නිදහස් බව නිසාම මම සිනමාවට කැමති කිවොත් හරි. ඉස්සර ඉදන් ටෙලිනාට්‍ය තූළ රංගනයෙන් දායක වුනත් මගේ හදවතේ කැමැත්ත එදා ඉදන් තිබුනේ සිනමාවට. සිනමාව එක්ක වැඩ කරන්න. ඉතින් එහෙම බලද්දි මගේ වැඩි කැමැත්ත සිනමාව කිවොත් හරි ඒ නිසාම මාව ටෙලිනාට්‍ය තුළින් දකින්න ලැබෙන එකක් නෑ.” කියලයි.

ඇය රඟපාන හතරවන සිනමා නිර්මාණය ලෙස “මොනාලිසා” සිනමාපටය හදුන්වන්න පුළුවන් අතර ඇය මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනවා. අප සමාජයේ බහුලව දකින්න ලැබෙන අසම්මතය මුල් කරගෙන නිර්මාණය වුන මේ සිනමාපටය ලංකාවේ සිනමා කලාවේ නව හැරවුම් ලක්ෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කොහොම වුනත් කලාව තුළ ජිවත් වෙද්දී විවිධ ප්‍රශ්න ගැටලු මතු වෙනවා ඉතින් ඒ පිලිබඳ මධුෂානි පැවසුවේ ඇය ඒ සියල්ල භාර ගැනිමට සුදානම් බවයි. ‘චරිතයක් කරනවා කියන්නේ සුළු දෙයක් නෙවෙයි අපි ඒ තුල ජීවත් වෙන්න ඕන ඉතින් අපි දෙයක් කරද්දී ඒක ජනතාවට දැනෙන්න කරන්න ඕන’ යන්නයි ඇගේ අදහස. එමෙන්ම ඇය චරිතයක් භාර ගන්නේ චරිතය ⁣ගැන සොය බලා බවද යන්න ඇය පවසා සිටියා.⁣

ඇය නවින විලාසිතා කරන නිසාම ඇයගෙන් ඒ ගැනද අපි ඇහුවා..”ඇත්තටම මම ස්ටයිල් කරනවා අලුත් ඇදුම් අදිනවා. කෙල්ලෙක් වශයෙන් මමත් ආසයි මාවා කැපිලා පේන ඇඳුම් අඳින්න, ඒ වගේම මම මේකප් කරනවා. හැබැයි ඒ කිසි දෙයක් මටවත් මගේ පවුලට මට අගෞරවයක් වෙන විදිහට කරන්නේ නෑ. මම නිතරම මගේ පවුලේ නම්බුව ගැන හිතනවා” කියලයි. ඉතින් කළා ලෝකයේ අලුත් ගමනක් යන්න සැරසෙන මධුශානිට අපි හදවතින්ම සුබ පතනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.