‘මම පලවෙනි වතාවට අඩියක් ගැහුවේ තාත්තාගේ බෝතලෙන්’ ජනප්‍රිය නළු යශ්මින්ද කියන කතාව

Bro ටෙලිනාට්‍ය මගින් කේෂරගේ චරිතයට පණ පොවමින් ජනතාවට අතර ආව සචිත්‍ර යශ්මින් විරසංහ මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වෙන චරිතයක් වි අවසන්. අපි අද කාලය වෙන් කලේ ඔහු සමඟ කතා කරන්නයි. දැනට කොරෝනා එක්කම ගෙදරට වි සිටින යෂ් Bro ටෙලිනාට්‍යයේ රඟපාන්නේ වෙනස්ම චරිතයක්. මෙච්චර කාලයකට අපි ඔහුව දැක්කේ සෙල්ලක්කාර, හොද චරිත විදිහට පමණයි. නමුත් මෙම චරිතය තුළ ඔහුට හිනාවක් හෝ අයිති නැත. පොඩි කාලේ ඉදන් ඉංජිනේරුවෙක් වෙන්න හීන දැකපු යෂ්ගේ යටි හිතේ නළුවෙක් වෙන උණද නොතිබුනාම නෙවෙයි. යෂ් පවුලේ දෙවනියා. ඔහු නළුවෙක් වෙන්න සෑහෙන මහන්සියක් වු බවත් ඉවසිමෙන් මේ ගමන ආව බවත් කියා සිටියා.

යශ කියන්නේ පාසල් කාලයේ තරමක් දඩබ්බර චරිතයක්. නමුත් ඔහු පාසලේ ශිෂ්‍ය නායකයෙක් බවට පත්වීමෙන් පසු ඔහුගේ මේ දඩබ්බරකම තරමක් අඩු වෙලා. ඉතින් මේ දඩබ්බර තරුණයාගේ ප්‍රථම ප්‍රේමය වගේම, දැනට ඔහු ප්‍රේමවන්තයෙක් ද යන්න අපි ඔහුගෙන් අසා සිටියා. එයට යශ් දුන්නේ මේ වගේ පිළිතුරක් “මගේ හිත ⁣මුලින්ම කෙල්ලෙක්ට ගියේ හතර වසරෙදි. ඒක ආදරයද නැත්නම් වෙන හැඟීමක්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි මම එයා ලග ඉන්න එයා ඉන්න තැනට යන්න ආසයි. මගේ ප්‍රථම ප්‍රේමය නවය වසරේදි ඇති වෙලා දහය වසරේදි නැති වුනා. අද වෙද්දි මම පෙම්වන්තයෙක් නෙවෙයි. මම ගෑණු ළමයි තුන් හතර දෙනෙක්ට ආදරේ කලා. ඒ අයගෙන් එක ආදරයක් මට දැනුනා. සමහර විට මට තදින්ම දැනුන ආදරේ ඒක. හැබැයි අද වෙද්දි කවුරුත් නෑ මට. මම තනිකඩයි” කියලයි.

යෂ්ගේ අනාගත බලාපොරොත්තු ගැන අහන්නද අපි අමතක කලේ නෑ. “හැමෝටම වගේ මටත් බලාපොරොත්තු ගොඩක් තියෙනවා.ඒ අතර මුල් තැන මටම කියලා ගෙදරක් හදාගන්න එක. තව මම ආසයි ඕඩියෝ, විඩියෝ කරන ලොකු ස්ටුඩියෝ එකක් හදන්න. ඒ අතරේ තව පොඩි පොඩි දේවල්ති යෙනවා. හැ⁣මදේම හෙමින් ලගා කරගන්න තමා මගේ බලාපොරොත්තුව” කියලයි

යශ් කියන්නේ ගොඩක් විනෝදෙන් කාලය ගතකරන තරුණයෙක්. ඉතින් ජීවිතේ පලවෙනි වතාවට මදුවිත පොඩ්ඩක් තොලගාපු සිදුවීම පිලිබඳ අපි සමග කිවුවේ මෙහෙමයි. ”ඇත්තම කියනවනම් මම පලවෙනි වතාවට පොඩ්ඩක් බිවුවේ මේ වෛරස් කාලේ. සාමාන්‍ය විදියට කියනවනම් පොඩි අඩියක් ගැහුවා එකත් තාත්තා එක්ක අපේ කළා කරුවන් කිහිපදෙනෙක්ට වෛරසය ආසාදනය වෙලා තිබුනා. ඉතින් මමත් ඒ අය එක්ක වැඩසටහනකට සහභාගී වෙලා තිබුණන නිසා මමත් ටික දවසක් ගෙදරවෙලා හිටියා. එහෙම ඉද්දි මගේ උගුරේ පොඩි කැසිල්ලක් ආවා. ඉතින් තාත්තා ගෙනත්තිබ්බ විස්කි බෝතලෙන් පොඩ්ඩක් බිවුවා. ඒක තමයි මම බීපු මුල්ම දවස. මුළු උගුරම පිච්චිලා ගියා වගෙ දැනුණෙ. ආයෙත් නම් ජීවිතේට බොන්නෙ නැ” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන යෂ්ගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.