‘මම නිලියක් නෙවෙයි වෛද්‍ය උපදේශකවරියක්’ මාස්ටර්ගේ කලායතනය අලුතෙන් ආව සුරංගනාවිය කියන කතාව

ස්වර්වාහිනිය තුළ විකාශනය වෙන නාඩගම්කාරයෝ මේ දිනවල කවුරුත් අතරේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි රංගනයට දායක වෙන බොහෝ මුහුණු අලුත් මුහුණු. එහෙම නවක මුහුණක් තමා මාධාරා සෙව්වන්දි කියන්නේ.

මාස්ටර්ගේ කලායතනයට අලුතින් එන හංසි නමින් මාධාරා සෙව්වන්දි. ඉතින් කලාවට අලුත් මේ කලාකාරියගේ විස්තර ටිකක් දැනගන්න අපි මුලින්ම ඇගේ විස්තර ඇහුවා. “ම⁣ගේ ගම ගාල්ල.මම පවුලේ එකම දුව. අම්ම තාත්තා මල්ලි තමා මගේ පවුලේ ජිවත් වෙන්නේ. වෘත්තීයෙන් මම මනෝ වෛද්‍ය උපදේශකවරියක් වෙනවා. මට වයස අවුරුදු විසි හතරයි. “

ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ කලාව ගැන ඉගෙන ගෙනද? “මම කලාවට සම්බන්ධ වෙන්නේ කලාව පිළිබද හදාරමින් කිවොත් මම හරි. මොකද මම මහේන්ද්‍ර පෙරේරා සර්⁣ගේ රංගායතනයේ ඉගෙන ගන්නවා. මම වෙළඳ දැන්විම් වගේ දේවල් කලාට කවදාවත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා නෑ. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ හංසි කියන්නේ මට ලැබුන වටිනාම අවස්ථාවක්”

ඔබේ වෘත්තීය එක්ක රංගනය කියන්නේ තෝරාගැනිම් දෙකක්. ඉතින් වැඩිපුරම කැමති මොන වෘත්තීයටද? ” ම⁣ගේ වෘත්තීය මනෝ වෛද්‍ය උපදේශනය.ඉතින් මම කිසිමදෙයක් නිසා මගේ වෘත්තිය අතාරින්න සුදානමක් නෑ. මම රංගන කටයුතු ඉගෙනිමින් කරනවා. ඉඩක් ලස අවස්ථාවක රංගනයට දායක වෙනවා. හැබැයි මොන දේ කළත් මගේ ජිවිතේ අංක එක මගේ රැකියාව.”

ඔබට ලැබෙන ප්‍රක්ෂේක ප්‍රතිචාර “මම කලාවට අලුත් නිසා ගොඩක් අය මාව දන්නේ නෑ. හැබැයි මාව දන්න අය මාව අගය කරනවා. මාව දිරිමත් කරනවා. කවදා හරි දවසක හැමෝම මාව අදුරගන්නවනම් මම කැමතියි. මම ඉතින් අහිංසක ටිකක් දඟ නිසාම මගේ යාළුවෝ මම ගැන දන්නවා. ඒ කොහෙම වුනත් මම ලැබෙන පුංචි ප්‍රතිචාරය වුනත් සතුටින් භාරගන්නවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන මාධාරාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.