‘මම නිලියක් කියලා මට තවම දැනෙන්නේ නෑ’ ජනප්‍රිය නිලි දිමිත්‍රි කියන කතාව

2019 දෙරණ අවුරුදු කුමරිය ලෙසින් අභිෂේක ලැබු ඇය නමින් දමිත්‍රි සුබසිංහ. අවුරුදු කුමරි කිරුළත් සමඟ කලාවට සම්බන්ධ වු ඇය ගැනයි මේ කතාව, නාරාහේන්පිට අම්මා තාත්තා එක්ක ජිවත් වෙන දිමිත්‍රි පවුලේ එකම දරුවා. කිසි දිනෙක පවුලෙන් කලාවට බාධාවක් නොවුන දිමිත්‍රි සිය රංගන ජිවිතය ආරම්භ කරන්නේ වෙනස්ම විදිහකට. ඉතින් ඒ ගැන අපි ඇයගෙන්ම අහන්න හිතුවා. “2019 දෙරණ අවුරුදු කුමාරි විදිහට මම තේරුන දවස තමා මගේ ජිවිතේ වෙනස් කලේ. එතනින් පස්සේ මම දෙරණ නාලිකාවේ පෝ දා විකාශ වුන ‘නොනිමි’ ටෙලි සිනමාවෙන් රංගයට ඇතුළු වුන මම ‘පාවෙලා වළාකුලේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අද වන විට ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ ‘විහාර’ ටිචර්⁣ගේ චරිතයට පණ පොවනවා. ඉතින් එහෙම හරි හෙමින් තමා මගේ ගමන පටන් ගත්තේ.”

දිමිත්‍රි හිතනවද මේ ආව ගමන එක්ක ඔබ දැන් නිළියක් කියලා? “කොහෙත්ම නෑ මම තාම නිළියක් කියලා මට දැනිලා නෑ. මොකද මම තාම මේ කේෂ්ත්‍රයේ පුංචි වැලිකැටයක්. මට තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. මට ආවට වඩා දුරක් යන්න තියෙනවා. ඉතින් මම නිළියක් කියලා හිතාගෙන බොරුවට මවාපාගෙන ජිවත් වෙන්න ආස නෑ.මම ඉගෙන ⁣ගනිමින් මේ රංගනය ජිවිතයේ ජිවිත් වෙනවා.”

දිමිත්‍රි තාම ආදුනික නිළියක්. ඔබට ප්‍රවිණයන්ගෙන් ලැබෙන සහය කොයි වගේද, “වචනයෙන් කියන්න බැරි තරම්. මොකද අලුත් කෙනෙක් වුනත් මම මට ගොඩක් අය මගේ වැරදි අඩුපාඩු කියලා දෙනවා. ඒක ගොඩක් වටිනවා ම⁣ට මගේ චරිතය සාර්ථකව ඉදිරිපත් කරන්න. මේ දවස්වල විකාශය වෙන ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙන්නේ ‘පාවෙලා වළාකුලේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍ය හිටපු ⁣චරිත කිහිපයක්මයි. ඉතින් සුසිලා නැන්දා, ආනන්ද මාමා, කීර්ති මාමා මේ වගේ ගොඩක් අය මට උදව් කරනවා.මම හිතන්නේ ඇත්තටම ප්‍රවිණයෝ කියන්නේ ආදුනික අයට උදව් කරන අය.එයාලාගෙන් ඒ වගේ ආදරයක් ලබන්න උපදෙස් ලබන්න මම ගොඩක් වාසනාවන්තයි.”

දිමිත්‍රි මේ වෙද්දි ආදරය කරන ආදරවන්තියක්ද? “ඔව් හැබැයි අපේ ආදරේ පටන් අරන් දැන් වසර කිහිපයක්ම වෙනවා. එයා තමයි මුලින්ම මගෙන් කැමතිද ඇහුවේ. කාලෙට පස්සේ මම හා කිවුව්වා, එයා කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. එයා ඉංජිනේරුවෙක්. අපි ළඟදීම විවාහ වෙන්න ඉන්නේ.”

විවාහය එක්ක කලාවට නතර කරන්න ඔබේ සහකරු පැවසුවොත් ඔබ කලාවෙන් ඉවත් වෙනවද? “කොහොමවත් නෑ. මොකද එයා මගේ රංගන ජිවිතේ⁣ට ගොඩක් උදව් කරනවා. අනික එයා මාව ගොඩක් තේරුම් අරන් ඉන්නේ. මමත් එහෙමයි. සමහර වෙලාවට එයාම මාත් එක්ක නිර්මාණ වලට එකතු වෙනවා. ඉතින් කවදාවත් මට කලාවට එයාගෙන් සිමාවක් වැටෙන්නේ නෑ එයත් ගොඩක් ආසයි කලාවට.” ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ විහාරා ගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.