‘මම නැටුවට එයා නටවනඑක ලේසි නෑ’ ජනප්‍රිය නිලි නිලන්ති ඩයස් කියන කතාව

නිලන්ති ඩයස් නම කියු පමාවට මතක් වෙන්නේ වේදිකාවම හොල්ලන පුළුවන් රංගන ශිල්පිනියක්. ඇත්තටම ඇය නර්ථන ශිල්පනියක් පමණක් නෙවෙයි නර්ථන ශිල්පිනයක්ද වෙනවා. ඉතින් අද අපි සුදානම් ඇය සමඟ කතා කරන්න. කලාවට කලින් අපි මුලින්ම ඔබේ පවුල් ජිවිතේ ගැන කතා කරමු. මොකද ඔබ පවුලට මුල් තැන දෙන රංගන ශිල්පිනියක්. “ඇත්තටම ඔව්. මගේ මුලික තැන මගේ පවුල. සුදුසු කාලේ ආවහම මමත් විවාහ වුනා. ඉතින් වගකිම් ටිකක් වැඩිවුනා. පස්සේ කාලයක් යද්දි මට දුවක් ලැබුනා. බිරිඳක් වුන මම මවක් වුනා. ගොඩක් වගකිම් වැඩිවුනා කිවොත් හරි. මොකද විවාහ වුන ගැහැණියකගේ වගකිම් සුළුපටු නෑ කියන්න කවුරුත් දන්නවා. පවුල් ජිවිතේ ගැන එහෙම තමා කියන්න තියෙන්නේ.”

නිලන්ති තමන්ගේ සැමියා නර්ථනයට හවුල් කරගන්නේ නැද්ද? “අපොයි එයාට ඒවා බෑ. සමහරු විහිලුවට මට කියනවා මම සැමියා නටවනවා කියලා. ඇත්තටම එයා නර්ථනයට කලාවට සම්බන්ධ නැතත් ම⁣ට මගේ ගමන යන්න උදව් කරනවා.”

නිලන්නි ඩයස් කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. හැබැයි ඔබ ප්‍රහසනාත්මක චරිත වලට කොටු වෙලා නේද? “ඔව් එහෙම දෙයක් තියෙනවා. මොකද මට ලැබුන සේරම චරිත එහෙම චරිත. ඉතින් මම ඒ චරිත සාර්ථකව කරපු නිසාම හට ලැබුනේ එකම විදිහට ගලා යන චරිත.”

ඒ කියන්නේ නිලන්ති වෙන චරිත කරන්න කැමති නැද්ද? “එහෙම දෙයක් නෑ මමත් ආසයි විවිධ චරිත කරන්න. අභියෝග භාරගන්න. හැබැයි මට තාම ඒ විදිහට ගැළපෙන චරිත ලැබුනේ නෑ. ඉදිරියට එහෙම චරිත ලැබුනොත් අනිවාර්යයෙන් මම සහභාගි වෙනවා.”

නිලන්ති රංගනයට යොමු වෙද්දි චරිත තෝරාගැනිමක් සිද්ධ කරනවද? එහෙම කලොත් ඒක කලා ගමනට බාධාවක් නෙවෙයිද? “ඒක මෙහෙමයි තමන්ගේ ප්‍රතිරූපයයට හානි කරගෙන චරිතයන් ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙනත් වැඩක් නෑ. මම හිතන්නේ තමන්ට ගැළපෙනවනම් අනිවාර්යයෙන් ඒ චරිතය කරන්න ඕනි. අනික මම චරිත තෝරා ගැනිමක් කරනවනම් ඒකට මගේ පෞද්ගලික ජිවිතේ අ⁣දාල වෙනවා. මොකද වැඩ බදාගෙන කරන කෙනෙක් නෙවෙයි මම ඒ නිසා චරිත තෝරගැනිමක් සිද්ධ වෙනවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නිලන්තිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.