‘මම නපුරුයි කියලා හැමෝම බනිනවා’ දඟකාර රංගන ශිල්පිනී පියුමි කියන කතාව චායාරූප 30ක් සහිතයි

කළා ලෝකයේ ඉන්න හැමෝටම හොඳ චරිත ලැබෙන්නේ නෑ, නපුරු චරිත කරන්නත් නළු නිලියන් පිරිසක් ඉන්නවා ඉතින් ඒ වගේ ‘අපෝ මෙයානම් හරිම නපුරුයි’ කිවුවට සැබෑ ජීවිතයේදී ඒ අය අපි හිතන තරම් නපුරු නෑ. ලැබෙන චරිත නපුරු වුනත් සැබෑ ජීවිතේ ගොඩක් සුන්දර අහිංසක, ඒ වගේම දඟකාර රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ. සැබවින්ම ඇය ගොඩක් මිත්‍රශීලී තරුණියක්. මේ දිනවල විකාශනයවන ඇය රංගනයෙන් දායක වන ‘අහස්මාලිගා’ සහ ‘නීලපබලු’ කියන ටෙලිනාට්‍ය විකාශනය වනවා.

පියුමි රංගන ක්‍ෂ්ත්‍රයට සම්බන්ද වෙන්නේ නිරුපිකාවක් විදියට. ඇය මුලින්ම ලංකාවේම කතා වෙන චරිතයක් බවට පත්වෙන්නේ ඉරාජ් ප්‍රොඩක්ෂන් විසින් කල ‘Cleopatra’ මියුසික් වීඩියෝ එකෙන් පසුවයි. නමුත් මෑතකදී ඇය මුයුසික් වීඩියෝ එකකකින් දැකගන්න ලැබුනේ නෑ. එකට හේතුව ලෙස පියුමි අපිට කිවුවේ මේ වගේ කතාවක්, ”මෙහෙමයි. ඇත්තටම මම ගොඩක් වෙලාවට සන්දේශ් බණ්ඩාර මහතා අධ්‍යක්ෂණය කරන මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙනවා. මොක ද ඔහු මියුසික් වීඩියෝ වුණත් හරි ම උසස් මට්ටමින් කරන කෙනෙක්. ඒ හැරෙන්න මම හැම මියුසික් වීඩියෝ එකකටම පෙනී ඉන්නේ නෑ” කියලයි. කොහොම වුනත් පියුමිට ලැබෙන්නේ නපුරු චරිත ඒ නිසා ප්‍රේක්ෂයින්ගෙන් නිතරම බැනුම් අහන චරිතයක් බවට පියුමි පත්වෙලා ඉතින් ඒ පිලිබඳ ඇය අපිට කිවුවේ මෙන්න මෙහෙමයි, ” ගොඩක් අය කියනවා මම නපුරුයි කියලා. මේ වෙනතුරු මට ලැබිලා තියෙන්නේත් නපුරු චරිත. ඒ ඇයි කියලා නම් මමත් දන්නේ නැහැ. ඇත්තටම මේකයි ඉතින්, අපේ කළා ක්ෂේත්‍රයේ එක පාරක් නපුරු චරිතයක් කළොත් දිගට ම ලැබෙන්නේ නපුරු චරිතවලට. ඒ අපේ රටේ විදිහනේ.බලමු ඉතින් ඉදිරියේදී නම් වෙනස් චරිත තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ආසාවෙන් ඉන්නවා.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන සුන්දර රංගන ශිල්පිනියක් වන පියුමි ශ්‍රීනායකගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.