‘මම දැන් මහත්තයා එක්ක රට ඉන්නේ’ ජනප්‍රිය නිලි විදුෂි උත්තරා කියන කතාව

විදුෂි උත්තරා නම කියුන විට මතක් නොවුනත් දෙරණ නාලිකාවේ දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ ‘මල්කි’, ස්වර්වාහිනි නාලිකාවේ ‘ඇය’ ටෙලිනාට්‍යයේ ‘රිතූ’ නොදන්න කෙනෙක් නැති තරම්. මෑතකදි ජනප්‍රිය වු විදුෂි මේ දිනවල වැඩිය පෙනෙන්නට නැති නිසාම අපි ඇය සමග කතා කරන්න හිතුවා. විදුෂි කියන්නේ බොහෝ වෙළඳ දැන්විම් වලින් දුටු චරිතයක්. ඒ වගේම රංගනයට බොහෝ ආදරය කරන කලාකාරියකි. කොහොම වුනත් මේ දවස්වල විදුෂි කලා ලොවේ පෙනෙන්න නැත්තේ ඇය දැයි අපි විමසුවා “ඇත්තටම මගේ විවාහය නිසා මගේ සැමියා එක්ක මට විදේශ ගත වෙන්න වුනා. එයාගේ ට්‍රෙිනින් වගේකට ලංකාවට එන්න තාම දවසක අපි හිතලා නෑ.”

‘ඇය’ ටෙලිනාට්‍යයට ලැබුන ප්‍රතිචාර කොහොමද? “මම හිතුවෙම නැති විදිහට මට ප්‍රතිචාර ලැබුනා. දෙවනි ඉනිමෙන් ගමන ආරම්භ කරපු මට ‘නිරාෂා ටෙලිනාට්‍යයෙනුත් බොහෝ ප්‍රතිචාර ලැබුනා. ඒත් ‘ඇය’ ටෙලිනාට්‍ය කියන්නේ වෙනම කතාවක්. ‘රිතු’ කියන චරිතය බොහොම නපුරු කෙනෙක්. නපුරු වුනත් ඇත්තටම ප්‍රේක්ෂකයා මාව ආදරයෙන් වැළදගත්තා කියලා මට හිතුනා. මොකද ඒ තරම් ඒ චරිතය සාර්ථක වුනා.”

කලාවේ නමක හදාගෙන එද්දිම ඔබ කලාවෙන් අයින් විම ගැන දුකක් නැද්ද. “ඇත්තටම දුකයි. ඒත් මොවා කරන්නද. මාව මෑතක ගොඩක් ජනප්‍රිය වුනේ ඇය ටෙලිනාට්‍යයේ රිතූ චරිතය හරහා. ඒ චරිතය වෙනස්ම චරිතයක් ගොඩක් අය ආදරෙන් වැළදගත්ත චරිතයක්. මට පාරේදී වුනත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා. ඉතින් එහෙම තත්වයක මට කලාවට සමුදිලා විදේශ ගත වෙන්න වුන එක ගැන දුකයි.”

විදුෂි නැවත කලාවට එකතු වෙන්න බලාපොරොත්තුවක් නැද්ද, “ඒ ගැන තාම හරියටම කියන්න බෑ. මොනද අපි තාම ලංකාවට එන එක ගැන තීරණය කරලා නෑ. ඒ නිසා. හැබැයි මම කලාවට ආසයි. ලංකාවට ආවම නැවත කලාවට සම්බන්ද වෙන්න හිතාගෙන ඉන්නේ. මගේ මහත්තයත් ගොඩක් කැමතියි කලාවට”

ජිවිතේ ගැන දකින බලාපොරොත්තු මොනාද, “බලාපොරොත්තු ගොඩක් නෑ. මොක ද කලාව අතහැරලා එන්න වුන මම හිතන්නේ අද අපිට තියෙන දේ හෙට නැති වෙන්න පුළුවන් එහෙමයි. ඒ නිසා එන විදිහකට ජිවිතේට මුහුණ දෙන්නයි මම සුදානම්. කොහොම වුනත් මගේ මහත්තයෙ වැඩ ඉවර උනාම ඉක්මනටම ලංකාවට එන එක තමයි ලොකුම බලාපොරොත්තුව” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන විදුශිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.