‘මම දැන් ඉන්නේ තනිවම නෙවෙයි හැබැයි මම ආයේ විවාහ වෙන්නේ නෑ’ විවාහට සමුදුන් මේධා කියන කතාව

මෑත කාලයේ ගමේ ගොඩේ තැන්වල වගේම සමාජජාලා තුලත් නිතරම කතා බහට ලක්වෙන චරිතයක් තමයි මේධා ජයරත්න කියන්නේ. මේ විදියට ඇයට ලංකාවේ තරුණයන්ගේ අවධානය ලක්වෙන්න ප්‍රධානම හේතුව තමයි ඇයගේ නව පෙනුම. අපේ රටේ බොහොමයක් කාන්තාවන් තරමක් වයට යද්දී තමන් ගැන අමතක කරනවා. ඒ වගේම දරුවන් ලැබුනට පස්සේ ඔවුන්ගේ පෙනුම සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් එවැනි තත්වයක් තිබියදී මෙධාගේ මේ නවතම සුන්දරත්වය පිලිබඳ හැමෝටම ගොඩක් පුදුමයි. ඇය ගොඩක් සුන්දර විදියට ඇයගේ සිරුරේ හැඩය පවත්වාගන්න සමත්වෙලා තියෙනවා.

ඉතින් ඇයගේ මේ සුන්දරත්වය නිසාම ඇයට විලාසිතා දැක්මවල නිරූපිකාවක් ලෙස කටයුතු කරන්න නිතරම වගේ ඇරයුම් ලැබෙනවලු. ඉතින් මේ විදියට ආරාධනා ලැබෙන්න බලපාන විශේෂ හේතුව විදියට ඇය කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම ජිම් එකට ගිහින් ශරීරයේ හැඩය හොඳින් සකස් කරගෙන ඉන්න නිසා වෙන්න ඇති මේ ආරාධනා ලැබෙන්නේ. කාන්තාවන් වයස ඉක්මවා යද්දී ශරීරයේ හැඩය පිලිබඳ තියෙන උනන්දුව ටිකෙන් ටික අඩුවෙනවා. කොච්චර වයස වුනත් අපේ අල්ලපු රටේ ඉන්න කාජල් කොච්චර ලස්සනට ඉන්නවද?, එයාලට පුළුවන් නම් ඇයි අපිට බැරි” කියලයි.

මේධා මේ වනවිට ඉන්නේ විවාහ දිවියට සමුදීලා ඉතින් ඇය නැවත විවාහ වීම පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මගේ දික්කසාදය පිලිබඳ ගොඩක් අය විවිද කතා කියලා තිබ්බා. මට ඒ අය කියන ඒවා නිවැරදි කරන්න ඕන නෑ. මොකද මම කැමතිනෑ ප්‍රශ්න ඇතිකරගන්න. ඇත්තම කියනවනම් මට ආයේ විවාහ වෙන්න අදහසක් නෑ. එන දේකට මුහුණ දීලා බලාගෙන ඉන්නවා. මම දැන් ජීවිතේ ගැන ලොකුවට හිතන කෙනෙක් නෙවෙයි. හැබැයි විශේෂයෙන් කියන්න ඕන මට තනියම ජීවත් වෙන්න අමාරුයි කෙලින්ම කියනවනම් මම වැලක්. හැබැයි මම ආයේ විවාහ වෙන්නේ නෑ කියන තැන තමයි ඉන්නේ.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන මෙධාගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.