‘මම තාත්තා කෙනෙක් වුනා කිවුවම ගොඩක් අය පුදුම වුනා’ රංජන්ට නොදෙවෙනි දසුන් පතිරණ කියන කතාව

කළා ලෝකයට රංගන ශිල්පිනියන්ට ජනප්‍රිය වෙන්න ගොඩක් පහසුයි නමුත් රංගන ශිල්පියෙක්ට කළා ලෝකයේ ජනප්‍රිය වෙන්න තරමක් අපහසුයි මේ හේතුව නිසාම තමයි අපේ කළා ලෝකයේ රංගන ශිල්පිනියන් වැඩි. කොහොම වුනත් අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙක් තමයි දසුන් පතිරණ කියන්නේ. ඉතින් මේ දවස්වල දසුන් ජීවිතේ ගෙවන ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” මෙහෙමයි මේ දවස්වල එලියට බැහැල ලොකුවට දඟලලා වැඩ කරන්න බෑ. මේක රටටත් අපිටත් එච්චර හොඳ කාලයක් නෙවෙයි. ඉතින් ගෙදරට වෙලා බිරිඳ දරුවා එක්ක විනෝදෙන් ඉන්නවා. ඒ වගේම ගොඩක් ආරක්ෂාකාරී විදියට බාරගත්ත වැඩ ටිකක් කරගෙන යනවා . සරලවම කියනවනම් මේ දවස්වල ලොකු විශේෂයක් නෑ ඔහේ යනවා” කියලයි.

දසුන් කියන්නේ චරිතාංග රංගන ශිල්පියෙක් ඔහුට ලැබෙන ඕනෑම අභියෝගාත්මක චරිතයක් ඉතා අපුරුවට රඟපෑමේ සුපිරි හැකියාවක් ඔහු සතුව තියෙනවා ඊට හොඳම උදාහරණ තමයි ‘හුස්ම’ ‘මාත්‍රා’ ‘මෝර්ට බයිසිකල්’ කියන්නේ. එකිනෙකට වෙනස් චරිත හරහා නිතරම ඔබ හමුවන දසුන් මේ වනවිට පුංචි දියණියකගේ තාත්තා කෙනෙක්. පෙම්වතියක් නෑ, විවාහ වෙලා නෑ කියන දසුන් එකපාරටම තාත්තා කෙනෙක් වුනා කිවුවම කිසිම කෙනෙක් විශ්වාස කලේ නෑ. ඉතින් ඒ පිලිබඳ දසුන් කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්ත සම්පුර්ණ ඇත්ත, මම ළමයෙක් හදපු එක පිලිබඳ ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වුනා. මගේ වයසත් එක්ක මට ඕන වුනා දරුවෙක් හදන්න. ඇත්තම කියනවනම් මට ඒ අදහස ආවේ මම මම රඟපාපු නිර්මාණයක් නිසා ටෙලිනාට්‍යයක මම තාත්තා කෙනෙක්ගේ චරිතයක් රඟපෑවා ඒ නාට්‍ය කලාට පස්සේ මට හිතුනා මමත් දැන් දරුවෙක් හදන්න ඕන කියලා. ඒ නාට්‍ය කරනකන් තාත්තා කෙනෙකුගේ හැඟීම් මට දැනිලා තිබ්බේ නෑ. නමුත් ඒ නාට්‍ය මගේ ජීවිතේ වෙනස් කළා.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන දසුන්ගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.