‘මම තවම ෂූටින් යන්නේ අම්මා එක්ක’ හුරතල් නිලි නෙත්මි රොෂෙල් කියන කතාව

මේ දවස්වල ලංකාවේ හැමෝම බොහොම ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ. මීට වසර පහකට පමණ කලින් විකාශනය ආරම්භ කල මේ ටෙලිනාට්‍ය මේ වනවිට ලංකාවේ ගොඩක් ජනප්‍රියයි ඒ වගේම මේ ටෙලිනාට්‍ය නිසා නවක රංගන ශිල්පිනියන් රංගන ශිල්පියන් රැසක් කළා ලෝකයට දායාද වුනා. ඉතින් ඒ වගේ දෙවෙනි ඉනිම හරහා හැමෝගෙම ආදරේ දිනාගත් රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ. අවුරුදු කුමරියක ලෙස අභිෂේක ලබා අහම්බයකින් රංගනයට පිවිසි ඇය මේ වනවිට ලංකාවේම ආදරේ කරන චරිතයක් බවට පත්වෙලා. ඉතින් දෙවෙනි ඉනිමේ ආක්ෂා කියන චරිතය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි නාට්‍යට එකතු වෙද්දී එක්තරා පිරිසක් මට ආකර්ෂණ වෙලා හිටියා. ආක්ෂා කියන චරිතය මේ නාට්‍යට එකතු වෙද්දී නපුරු චරිතයක්. නමුත් ආක්ෂා දැන් ගොඩක් ආදරණීය චරිතයක් වෙලා. ඒ නිසා කලින්ට වඩා දැන් ලැබෙන ප්‍රතිචාර වැඩියි. මම ඒ ප්‍රේක්ෂක ආදරේට ගොඩක් ආදරෙයි” කියලයි.

කොහොම වුනත් නෙත්මි රංගනයට එනවට ඇයගේ තාත්තා කැමති වෙලා නෑ. කොහොම වුනත් ඇයගේ තාත්තා දැමු වාරණ දැන් ඉවරද කියලා ඇසු පැනයකට නෙත්මි දුන්නේ මේ වගේ පිළිතුරක් ”මම අවුරුදු කුමරිය තරඟයට යද්දීම තාත්තා කිවුවේ රඟපාන්න යන්න නම් හදන්න එපා කියලා. ලංකාවේ ගෑනු ළමයි රංගන ශේත්‍රයට එවන්න සමහර අය බයයි. එහෙම වෙන්නේ ක්ෂේත්‍රය ගැන හරියට දන්නේ නැති නිසා, රංගන කියන්නේ දෙයක් නෙවෙයි. මොළේ පාවිච්චි කරලා හරි විදිහට හිටියොත් අපිට ඕන තැනක ඉන්න පුළුවන් මම දැනටත් රූගත කිරීම්වලට යද්දි අම්මා හරි තාත්තා හරි මා එක්ක එනවා මේ ක්ෂේත්‍රය නරක නෑ කියලා එයාලා දැන් දන්නවා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නෙත්මිගෙ සුන්දර පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.