‘මම තවම තනිකඩ කොල්ලෙක්’ තරුණියන් රැසක් ආදරේ ඉල්ලා කෑගසන කඩවසම් කෝකියා කියන කතාව

මේ කාලයේ හැමෝම ඉන්නේ ගෙදරට වෙලා. ගොඩක් වෙලාට නිදහසේ එක තැනකට වෙලා ඉන්න වෙලාවට හැමෝම කරන්නේ සමාජ ජාලාවල සැරිසරන එක, ඉතින් මේ දවස්වල ලංකාවේ සමාජ ජාලාවල නිතරම දකින්න චරිතයක් තමයි චරින්. මෙහෙම කිවුවම කවුරුවත් වැඩිය දන්නේ නෑ. හැබැයි එක එක වැඩ දාලා කෑම හදන කොල්ලා කිවුවම හැමෝම ඔහුව දන්නවා. ලංකාවේ තරුණියන් රැසකගේ සිහින කුමාරයා වෙලා ඉන්නෙත් ඔහු. කොල්ලෙක් කෑම හදනවා කියන එක ගොඩක් පුදුමයි මොකද ලංකාවේ සමහර කොල්ලන්ට හරියට තේ එකක්වත් හදාගන්න බෑ. ඉතින් එහෙම තත්වයක එක එක වැඩ දාලා කෑම හදන මේ කඩවසම් කොල්ලා ගැන දැන් හැමෝම වගේ හොයනවා.

ඉතින් මේ විදියට මේ වනවිට සමාජ ජාලා හරහා හැමෝගෙම අවදානය දිනාගෙන ඉන්න තරුණයා තමයි චරින් එන් සිල්වා. ඒ වගේම චරින් කියන්නේ වයස වුරුදු විසි පහක තරුණයෙක්. ඔහුගේ මේ හැකියාව නිසා වගේම කඩවසම් පෙනුම නිසාම ලංකාවේ තරුණියන් ගොඩක් චරින්ට ආදරෙයි. ඉතින් චරින් පිලිබඳ ලංකාවේ ගොඩක් අය බොහොම උනන්දුවෙන් හොයනවා ඉතින් අපි හිතුවා චරින් පිලිබඳ පොඩි විස්තරයක් ඔයාලට කියන්න. චරින් කියන්නේ වෘත්තීයයෙන් සූපවේදියෙක්. ලංකාවේ අංක එකේ ප්‍රසිද්ධ වගේම ඉහල පෙලේ හෝටලයක තමයි චරින් සේවය කරන්නේ. ඉතින් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න ගමන් තමයි චරින්ට මේ විදියට වීඩියෝ හදන්න අදහස ඇවිල්ලා තියෙන්නේ. චරින් මුලින්ම ප්‍රසිද්ධ වෙන්නේ ‘ටික් ටොක්’ වීඩියෝ හරහායි.

ඒ වගේම මේ වනවිට චරින් යූ ටියුබ් චැනල් එකකුත් ආරම්බ කරලා. ඒකේ නම තමයි ‘wild cookbook’ ඔයාලා කැමතිනම් ඒ චැනල් එක හරහාත් චරින්ගේ වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් බොහොම කෙටි කාලයක් ඇතුලත ලැබුන මේ ජනප්‍රියත්වය පිලිබඳ චරින් කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් මම මේක මගේ විනොදෙට පටන් ගත්ත වැඩක්. හැබැයි මම හිතුවේ නෑ කීයටවත් මේ වගේ ජනප්‍රිය වෙයි කියලා. වැඩිපුරම ජනප්‍රිය වෙලා තියෙන්නේ කෙල්ලෝ අතරේ. හැබැයි මම තාම තනිකඩ කොල්ලෙක්, මගේ මේ වැඩේට හැමෝගෙන්ම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කොල්ලෙක්ට කෑම හදන්න පුළුවන් වෙනවා කියන්නේ ඒ කොල්ලගේ වටිනාකම වැඩිවෙනවා. පවුලක් දිවියට උනත් ඒක ගොඩක් වැදගත් වෙනවා” කියලයි ඉතින් ඔයාලා මේ දවස්වල ආදරේ කරන කෑම හදන කොල්ලාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.