‘මම තවම අවුරුදු 26ක පුංචි කෙල්ලෙක්’ තරුණයෝ වශීවෙලා පස්සෙන් යන ෂෙහානි කියන කතාව

අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ෂෙහානි කහඳවල කියන්නේ. නිතර නිතර දකින්න දකින්න නොලැබුනත් ශේහානිගේ සුන්දරත්වය නිසාම ලාංකේය ප්‍රේක්ෂකයන්ට ඇයව හොඳින් මතකයි. රංගන ශිල්පිනියක වගේම ෂෙහානි නිරූපන ශිල්පිනියක ලෙසත් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි ඒ වගේම ෂෙහානි කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක්. පසුගිය කාලයේ දෙරණ නාලිකාවේ විකාශනය වුන ‘derana star city’ වැඩසටහන හරහා ඇයගේ නර්තන දක්ෂතාව ඇයගේ ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබුනා. කොහොම වුනත් ෂෙහානි ලංකාවේ හිටියේ නෑ එයට හේතුව විදියට ෂෙහානි අපිට කිවුවේ මේ වගේ කතාවක් ”මම කාලයක් ලංකාවෙන් ඈත් වෙලා හිටියා ඒ මගේ පුද්ගලික හේතුවක් නිසා. මම රටවල් කිහිපයකම ඇවිදින්න ගියා. මොකද මගේ නෑදෑයෝ ගොඩක් විදේශ රටවල්වල ඉන්නවා. ඒ නිසා මට ඕනෑම වෙලාවක විදේශ ගතවෙන්න පුළුවන්” කියලයි.

කළා ලෝකයේ ජනප්‍රිය වෙන රංගන ශිල්පිනියන්ට විවිද කට කතා නිර්මාණය වනවා ඉතින් ෂෙහානිට නිර්මාණය වුන කට කතා පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”කට කතා හදන්න ඕනෑම කෙනෙක්ට පුළුවන් නේ. මම ඒවා ගණන් ගන්නේ නෑ. පහුගිය කාලයේ මට කට කතාවක් හදලා තිබ්බා මම වයස තිස්පහ කාන්තාවක් මට අවුරුදු 15ක ළමයෙකුත් ඉන්නවා කියලා. මම 1995 මට දැන් වයස 26යි. මේ වගේ පොඩි වයසක මං වගේ කෙනකුට ඔය වගේ කතා කියත්දි මට හිනාත් යනවා” කියලයි.

ෂෙහානි කියන්නේ සුන්දරත්වය අතින් ඉහලින්ම ඉන්න රංගන ශිල්පිනියක් ඇයගේ හුරතල් පෙනුමට හැමෝම වගේ ගොඩක් ආදරෙයි. ඉතින් ෂෙහානි ආදරය විවාහය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මම දැන්ම විවාහ වෙන්නේ නෑ. ගැහැණු ළමයෙක් විදියට අපි වයස 19ක් වගේ වෙනකන් ඉගන ගන්නවා දෙමාපියන් යටතේ ඉන්නවා. අවුරුදු විස්සක් වගේ විද්දී අපි ටිකෙන් ටික සමාජයට ඇවිත් ස්වාධීන ජිවිතයක් ගොඩනගා ගන්නව. ආයේ විවාහ වුනාම තියෙන්නේ වෙනම සමාජයක්. මම කැමති නැහැ විවාහ බැඳීමකින් ආයෙත් ජිවිතය සිරකර ගන්න, ඒ නිසා මම තව කාලයක් මේ වගේ ඉන්නවා ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ෂෙහානිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.