‘මම ටැටූ කලේ මගේ ඇඟේ මොකද්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ’ ඇඟ පුරාම ටැටූ ගහපු කාවින්ද්‍යා කියන කතාව

අපේ කළා ලෝකයේ කොතරම් කළා කරුවන් හිටියත් ලංකාවේ වැඩිම අවදානයක් ලක්වෙන කළා කාරිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ. සමිතට විතරක් නෙවෙයි සමිතාගේ මුළු කැදැල්ලටම ප්‍රේක්ෂකයෝ ගොඩක් කැමතියි. ඒ ආදරේ වගේම තමයි ඔවුන්ගේ පුද්ගලික ජීවිතයේ යම් යම් කාරනා පිලිබඳ සමහර ප්‍රේක්ෂකයන් විවිද කතා කියනවා. කොහොම වුනත් ඒ කට කතාවලට සිනහවෙන් පිළිතුරු දෙන ඔවුන් දැන් ගත කරන්නේ ගොඩක් සුන්දර ජීවිතයක් ඉතින් මේ කැදැල්ලේ ඉන්න හැඩකාරිය පිලිබඳ අපි පොඩ්ඩක් කතා කරන්න හිතුවා ඇය තමයි කාවින්ද්‍යා අධිකාරි.

කාවින්ද්‍යාගේ මව සහ පියා වන අතුල අධිකාරි දැන් වෙන්වෙලා ඉන්නේ ඒ දේවල් කොහොම වුනත් ඇයත් ඇයගේ අම්මා තාත්තා වගේම ගොඩක් කලාවට නැඹුරුයි. කාවින්ද්‍යා ගායනට වගේම රංගනයටත් ගොඩක් දක්ෂයි. ඉතින් මේ වෙද්දී කාවින්ද්‍යා ගේ වැඩ කටයුතු පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”මේ දවස්වල නම් ලොකු වැඩක් නෑ. රටේ තත්වේ එක්ක ලොකු ලොකු වැඩ කරන්න බෑ නේ. ඒ නිසා මම අම්මගේ එරන්දතී කලායතනයේ වැඩ බාර අරගෙන පොඩි පොඩි දේවල් ටිකක් කරගෙන යනවා මෙච්චරකල් ඒ කළායතනයේ වැඩ කරගෙන ගියේ මගේ අත්තම්මා” කියලයි.

මේ දවස්වල කාවින්ද්‍යා පිලිබඳ වැඩිපුර කතාවුනේ ඇයගේ ටැටූ විලාසිතා නිසා ගොඩක් අය කාවින්ද්‍යාගේ ටැටූ වලට විවිද කතා කියලා තිබා ඉතින් කාවින්ද්‍යා ඒ පිලිබඳ අපි එක්ක කිවුවේ වෙනස්ම කතාවක් ”මෙහෙමයි ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්, නමුත් ටැටූ කියන්නේ කලාවක් ඒක නරක දෙයක් නෙවෙයි මම එකේ වැරද්දක් දකින්නේ නෑ. ටැටූ කරන හැමෝම වැරදි කරන්නේ නෑ වැරදි කරන හැමෝම ටැටූ කරලා නෑ. අනික මම ටැටූ කලේ මගේ ඇගේ ඒක කොහොමවත් වෙන අයට ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ ප්‍රශ්නයක් වෙන අයගෙන් මම අහන්නේ මොකද්ද ඔයාලට ඒකේ තියෙන ප්‍රශ්නේ කියලා, මේක කලාවක් විතරයි ඒක තේරුම් ගන්න” කියලයි. ඉතින් ඔයාල හැමෝම ආදරේ කරන කාවින්ද්‍යාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.