මම ගොඩක් ජනප්‍රිය නිසා ඉරිසියාකාර ගෑනු ගොඩක් මගේ කකුලෙන් ඇද්දා

නව යෞවනයේ ගොඩක් ආකර්ෂණීය තරුවක් තමයි ටීනා ෂනෙල් කියන්නේ ඇය විවිධ විලාසිතා ඡායාරූප රැසක් මේ දිනවල ෆේස්බුක් ගිණුම හරහා සමාජය වෙත මුදාහරිමින් සිටිනවා. ටීනා කලින් එහෙම කරනවා අඩුයි ඉතින් අපි හිතුවා කාලෙකට පස්සේ ටීනා එක්ක ටිකක් කතා කරන්න අපි ඇය සමග කතාවට එළඹුණේ මෙහෙමයි ටීනා මේ විදිහට ජායාරූප පමණක් රසිකයන්ට තිළිණ කරන්නෙ රංගන කටයුතු වලින් ඉවත්වෙලා වත්ද ? අනේ නෑ.. ඇත්තටම මම මුලින්ම සම්බන්ධ වුණේ නිරූපණ කේෂ්ත්‍රයට ඒක හැමෝම දන්නවා. ඒත් ඇත්තම කියනවනම් දැන් නිරූපණ කේෂ්ත්‍රය කියන්නේ මඩ ගොඩක්. වෘත්තීය මට්ටම තුට්ටු දෙකට ගිහින් ගන්න දෙයක් නෑ. හොඳ නිර්මාණ කරන්න කාටවත් උවමනාවක් නෑ ඒ වෙනුවට ගොසිප් එකක් දාගෙන බාගෙට ඇඳගෙන හොඳින් හෝ නරකින් ජනප්‍රිය වෙන්නයි දැන් ඉන්න නවකයින් හැමෝටම ඕන, මේ ද්වල් ගැන කල්පනා කරනකොට කේෂ්ත්‍රය ගැන තියෙන්නේ කලකිරීමක් තිත්තවෙලා තියෙන්නේ. කෙහොමත් මේ කේෂ්ත්‍රයට ආපු මුල්ම දවසේ ඉඳලම මේ කලකිරීම මට තිබුණා. නිරූපිකාවක්, ටෙලිනාට්‍ය නිළියක් හා සිනමා නිළියක් විදියට මම ඉස්සරහට ආපු ගමනේ ඒවා දරාගන්න බැරුව මගේ කකුළෙන් අදින්න බලාගෙන උන්න ඉරිසියාකාර අය නිසා මම ගොඩක් අවස්ථාවල හිත රිදව ගත්තා.

මම මගේ පාඩුවේ කාටවත් වචනෙකින්වත් කරදරයක් නොකර හුඟක් හිමින් ගමනක් ආපු කෙනෙක්. ඇත්තටම අනිත් අයගෙන් උදව් නොඉල්ලන නිසා වෙන්න ඇති ගොඩක් තැන්වල මාව කැපෙන්නේ. එකත් කමක් නෑ කියමුකෝ මට දුක මට කැපිලි කෙටිලි දාන්නේ හැමෝම වගේ කාන්තාවන්. පිරිමි අයට වඩා ගැහැනු අය ම ගේ ගමනට ඊර්ෂ්‍යා කරනවා කියලා මම දන්නවා. ඒක මම හොඳින් අවබෝධ කරගෙන ඉන්නේ. ඒත් කොච්චර කැපිලි කෙටිලි ආවත් ටීන ෂනෙල්ගේ ගමන නතර කරන්න කාටවත් බැහැ. මොකද මම කෙළින් වැඩ කරන කෙනෙක් නිසා මට ලැබෙන අවස්ථාව කාටවත් උදුරගන්න බැහැ. කෙළින් වැඩ කරන කොන්ද කෙලින් තියෙන අය මට අවස්ථාව දෙයි. ඒක නිසා බොහෝම කලකිරීමෙන් මම තව සැරයක් කියන්නේ දැන්වත් මට ඊර්ෂ්‍යා කරන එක මාව වට්ටන්න හදන එක නතර කරන්න. මට නිකරුනේ මඩ ගහන එක නතර කරන්න. මොකද කවුරු මොනව කිව්වත් මගේ ගමන මම යනවා ඒක නවත්තන්න කාටවත් බෑ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.