‘මම ග්‍රවුන්ඩ් එකට යන්නේ බුදුන් වහන්සේගේ පින්තූරයක් අරගෙන’ කුමාර ධර්මසේන කියන කතාව

ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුනත් ලංකාවේ හැමෝම ගොඩක්ම ආදරේ කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට. සමහර අයට ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්ම විතරක් නෙවෙයි එයාලාගේ මුළු ජීවිතේම ක්‍රිකට්. ඉතින් ලංකාවේ බොහොමයක්දෙනා අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගොඩක් ආදරෙයි. පසුගිය කාලය ලංකාවේ ක්‍රිකට් වලට එච්චර හොඳ කාලයක් නෙවෙයි. ඒ වගේම ලංකාවේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් සිදුකල විනය විරෝදී ක්‍රියාවක් නිසා ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමකටත් ලක්වුනා. ඉතින් අපි අද කියන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන නෙවෙයි. නමුත් ලංකාවේ නම ක්‍රිකට් තුලින් ජාත්‍යන්තරයට අරන්ගිය විනිසුරු වරයෙක් ගැන ඔහු තමයි කුමාර ධර්මසේන.

1971 වසරේ අප්‍රේල් මස 24වන දින උපන් කුමාර ධර්මසේන කාලයක් ලංකාවේ ජාතික කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකක් ලෙස කටයුතු කළා. ඒ වගේම කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙක්වන ඔහු නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1990 වසරේදී එම කණ්ඩායමේ නායකයා වන්නේත් ඔහුයි. කුමාර ධර්මසේන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයකදී ක්‍රීඩකයෙකු සහ ප්‍රධාන විනිසුරුවරයෙකු වූ ලොව පළමු පුද්ගලයා බවටද පත්වෙනවා. කුමාර ධර්මසේන කියන්නේ ගොඩක්ම සමාජ ශීලී චරිතයක් ඒ වගේම සරල චරිතයක් සමාජ ජාලාවලත් ඔහු ගොඩක් ක්‍රියාශීලීයි. ඉතින් හැමෝම පසුගිය කාලයෙක් ඔහුගෙන් අහපු පැනයකට කුමාර ධර්මසේන විසින් අද පිළිතුරු දීලා තිබ්බා ඒ තමයි විනුසුරුවෙක් විදියට ග්‍රවුන්ඩ් එකට යද්දී මොනවද අරන් යන්නේ කියලා ”හැමෝම මගෙන් ඇහුවා තරඟයකට යන්න කලින් කොහොමද සුදානම් වෙන්නේ කියලා මම තරඟයකට අරන් යන පැක් එකක් තියෙනවා. ඒකේ මුලින්ම තියෙන්නේ මගේ හැට් එක, ඊටපස්සේ මේ දවස්වල තත්වේ නිසා වෙප් ටිෂු තියෙනවා. බොලේ එලියට ගියොත් එකෙන් පිහදාලා තමයි ආයේ තරඟෙට පන්දුව ගන්නේ.

ඊටපස්සේ තියෙන්නේ ‘ගේජ්’ එක. එකෙන් තමයි පන්දුව නියමිත විදියට නැත්නම් පරික්ෂා කරන්නේ. ඊට පස්සේ තියෙන්නේ මගේ පොත, මේකේ තමයි මම විනිසුරුවෙක් විදියට ඉන්න තරග සියල්ල පිලිබඳ විස්තර සටහන් කරන්නේ. ඊටපස්සේ මම හැම තරඟයකටම අතේ දාන වළල්ලක් තියෙනවා ඒකෙ ගහලා තියෙනවා ‘watch the ball’ කියලා. හැම පන්දුවකටම කලින් මම මේක කියවනවා. මොකද මට එකෙන් හැම බෝලයකටම අවතීර්ණ වෙන්න අවස්තාව මට ලැබෙනවා. ඒ වගේම මගේ ළඟ පොඩි ටූල් එකක් තියෙනවා එකේ පොඩි කතුරක් පොඩි බ්ලේඩ් එකක් තියෙනවා. හදිස්සියේ ක්‍රීඩකයෙක්ගේ නේල් එකක් ගැලවුනොත් ඒ වෙලාවට මේ ටූල් එක ගොඩක් වටිනවා. ඒ වගේම මගේ ළඟ බෝල් කවුන්ටර් එකක් තියෙනවා එකෙන් ඕවර් සියයක් එක දිගට කවුන්ට් කරන්න පුළුවන්. අවසාන වශයෙන් මම බුද්ධාගමේ කෙනෙක් වශයෙන් මම අපේ ලොවුතුරා බුදුරජානන් වහන්සේගේ පින්තූරයක් නිතරම මගේ ළඟ තියාගන්නවා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන කුමාර් ධර්මසේනගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.