‘මම කොහෙමද රොෂාන් අයියා අත්හරින්නේ එයා මගේ පන’ රිද්මා පිලපිටිය කියන කතාව

කලා තරු වල පවුල් ජිවිත දෙස බලද්දි සාර්ථක ජිවිත ගෙනියන තරු අ⁣තලොස්සයි කිවොත් හරි. රොෂාන් පිලපිටිය කවුරුත් නම කියු සැනින් දන්න රංගන ශිල්පියෙක්. ඉතින් මේ කතාව ඔහුගේ ආදරණිය බිරිඳ රිද්මා පිලපිටිය ගැන. කලාවටත් සම්බන්ද රිද්මා දැන් මවක්. ඒ හැගීම කොහොමද දැනෙන්නේ “මගේ මුළු දවසම දැන් ගෙවෙන්නේ පුතා එක්ක. අම්මා කියන වගකිම ලේසි දෙයක් නෙවෙයි. එයා එක්ක කාලය ගෙවන මම ඉතින් රොෂාන්ගේ වැඩ වලටත් උදව් කරනවා. අපි දෙන්නම දැන් හිතන්නේ අපේ පුතා ගැන.” කියලයි.

රිද්මා කියන්නේ කලාවටත් සම්බන්ධ චරිතයක්. 2015 ඇය ප්‍රථම වරට නාට්‍යකට සම්බන්ධ වෙනවා. රොෂාන්ගේ රිද්මාගෙ ආදරය ගැන කිවොත් “අපේ ආදරය අහම්බෙන් මුණ ගැහුන ආදරයක් නෙවෙයි. අපි දෙන්නම එක ගමේ. එයා මට මුණ ගැසුනේ 2016 වසරේදී. කොහොම හරි අපි කාලයක් මැසෙජ් කලා. කතා කලා. හැබැයි ආදරේ කලේ නෑ. එයාට මාව යාළුකර ගන්න මාස හයක් ඉවසන්න වුනා. එයා මට දෙවනි පාර එයාගේ ආදරේ කියද්දි මම කිවා දෙමාපියන්ගේ අවසරය ගන්න කියලා. ඒත් පුදුමයි ඊට කලින් මටත් නොදැනි මම අයියාට කැමති වුනා. අපේ ආදරය ඉක්මනට සමාජ ගත වුන නිසාම දෙපැත්තෙම දෙමාපියන්ට කිවා. ඉතින් අද අපේ විවාහය දක්වා ආව ආදර කතාව ඒක.” කියලයි.

රොෂාන් කියන්නේ ජනප්‍රිය නළුවෙක්. ඒ වගේම කලින් විවාහ වෙලා හිටපු කෙනෙක් ඉතින් ඔහු විවාහ කරගන්නඔබ බය වුනේ නැද්ද? “අපේ ආදරේ සමාජ ගත වුනාට පස්සේ මගෙ සමහරු කතා කරලා කිවා අයියව අතාරින්න කියලා. මම කොහොමද එහෙම කරන්නේ එයා මගේ පන. මම ඒ වචන විස්වාස කලේ නෑ. මොකද අයියා මම ආශ්‍රය කරද්දි මට තේරුම් ගියා අයියා කොයි වගේ කෙනෙක්ද කියලා. ඉතින් අපි අපිව තේරුම අරන් අද වෙනකන් ජිවත් වුනා. ඉදිරියටත් එහෙමයි. අපි අනුන්ගේ කතා අහලා අපේ තිරණ වෙනස් කලේ නෑ. අපි අපිව විස්වාස කරන නිසා අනිත් අය කියන කතා අපි විස්වාස කරන්න සියපාරකට වඩා හිතනවා. අපේ පවුල් ජිවිතේ ගොඩක් ශක්තිමත්. එයා ගැන සැකයක් අවිස්වාසයක් මට නෑ.” කියලයි.

රිද්මා පවුල් ජිවිතේ දකින්නේ කොහොමද? “ඇත්තටම පවුල් ජිවිතේක වැදගත්ම දේ තේරුම් ගැනිම. ලෝකේට පේන්න සමාජ ජාලා වල බොරු මවාපෑම් අපි දෙන්න ලගම නෑ. අපි පුතා එක්ක දැහැමෙන් ජිවත් වෙනවා. මගේපවුල් ජිවිතේ සතුටින් ගෙවෙනවා. ඉතින් මම දකින්නේ පවුල් ජිවිතේක වැදගත්ම දේ ඒක” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන රිද්මාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ