‘මම කිරි දෙන්න අම්මා කෙනෙක් එනිසා සිරුරේ හැඩය ගැන මට වැඩක්නෑ’ මහේෂි මදුෂන්කා කියූ කතාව

ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අහිංසක චරිත වලට පන පොවන රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුෂන්කා කියන්නේ. කාලයක් කලාවෙන් සමු අරන් හිටපු මහේෂි පසුගිය කාලයේ ස්වර්ණවාහිනියේ විකාශනය වුන ‘ඇය’ ටෙලිනාට්‍ය හරහා දැකගන්න ලැබුනා. කොහොම වුනත් ඇය රංගනයෙන් දායක වුන ‘ඇය’ ටෙලිනාට්‍යයේ රුගතකිරීම් පසුගිය දිනක අවසන් වුනා. ඒ වගේම ඇය තවත් ටෙලිනාට්‍යකට සම්බන්ද වෙන්න සුදානම් වෙලා ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුනා. මහේෂි කියන්නේ මවක්. අයගේ ප්‍රසුත කාලය නිමවූ පසුත් ‘ඇය’ ටෙලිනාට්‍යයේ චරිතය මහේෂිට හිමිවුණා, ඉතින් එම චරිතයට සුදුසු විදියට ඇය සිරුර සකසාගත් ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක්. ”මම කිරිදෙන මවක් නිසා මෙගේ පෝෂණ තත්වය පිලිබඳ ගොඩක් හිතනවා. ඒ නිසා සිරුර හදාගන්න මොකවත් කලේ නෑ. එම ටෙලිනාට්‍යයේත් මට තිබුනේ දරුවන් දෙදෙනෙකුගේ මවකගේ චරිතයක් ඒ නිසා ශරීර ස්භාවය වැදගත් වුනේ නෑ” කියලයි.

මහේෂි කියන්නේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ ඉන්න රංගන ශිල්පිනියක් ඉතින් එවැනි තත්වයක සිටියදී මහේෂි කලාවෙන් තාවකාලිකව සමුගන්නවා. එයට හේතුව ලෙස මහේෂි කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි රැකියාව සහ පවුල් ජීවිතය සමබර කරගනිද්දී ගොඩක් වෙලාවට වෘත්තීය දිවියෙන් තරමක විවේකයක් ගන්න වෙනවා, මම රංගනයට තරමක විවේකයක් දුන්නේ මගේ ආදරණීය දරුවා වෙනුවෙන්, ඒ නිසා මට ඒ පිලිබඳ දුකක් නෑ” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන මහේෂිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.