‘මම කැමති නිතරම මාත්එක්ක ඉන්න කෙනෙක්ට’ හැමෝගෙම ආදරේ දිනාගත් සුදු චූටි කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න ගොඩක් ජනප්‍රිය වගේම හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියන්නේ. මේ දවස්වල විකාශනය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය නිසා සෙනාලි ගොඩක් ජනප්‍රියයි, දැන් හැමෝම ඇයට කියන්නේ සුදු චුටි කියලා. ඉතින් දැන් හැමෝම බලන් ඉන්නේ සරා සහ සුදු චුටිගේ ආදරකතාව පටන්ගන්නක්. ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ සිටම සෙනාලි ගොඩක් ජනප්‍රියයි. නමුත් සෙනාලිගේ ගෙවල් තියෙන්නේ ලංකාවේ නෙවෙයි ඉතින් ඇයගේ ඉදිරි බලාපොරොත්තු පිලිබඳ ඇය කියන්නේ මේවගේ කතාවක් ”ඇත්තටම මම එදා ඉඳලම ලොකු කැමැත්තක් තිබුණේ ශ්‍රී ලංකාවේ ඉන්න. මගේ එංගලන්තය එක්ක සම්බන්ධකම් තිබුණේ පොඩිකාලේ හැදුණෙ වැඩුණේ ඒ රටේ නිසා. එහේ මතකයන් තියෙන්නේ මගේ තාත්ති එක්ක. දැන් තාත්ති නැති නිසා මට එහේ එයාර්පෝට් එකේ බහින්නවත් මම ආසා නැහැ. මට තාම තාත්ති මතක් වෙනවා. එතකොට ගොඩක් දුකයි. ඒත් මගේ ගෙවල් තියෙන්නේ එංගලන්තයේ නිසා මට කවද හරි එංගලන්තේ යන්න වෙනවා. ඒත් මම වැඩිපුර බලාපොරොත්තුව ශ්‍රී ලංකාවේ ඉන්නයි.” කියලයි

ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සෙනාලි තවමත් අවිවාහකයි ඉතින් සෙනාලි විවාහය පිලිබඳ කිටන්නේ මේ වගේ කතාවක්, ”මම නම් හිතන්නේ නෑ කා‍ලේ හරි කියලා. තවත් මේ ඉන්නවා වගේ ටික කාලයක් මට සතුටින් නිදහසේ ඉන්න ඕන.” කියලයි. ඉතින් සෙනාලි විවාහ වෙන්න කැමති මොනවගේ කෙනෙක්ද කියලා අහපු ප්‍රශනයකට ඇය දුන්නේ මේවගේ පිළිතුරක් ”ඇත්තටම තවම නම් එහෙම හිතලා නෑ. හැබැයි මමත් රංගනයේ නියැළෙන රංගන ශිල්පිනියක් නිසා ඔහුත් රංගනයට යොමුවෙලා නම් අපි ගොඩක් කාර්යබහුල වෙයි. ඒ මම කාර්යබහුල යුග දිවියකට කැමති නෑ, මම කැමති පුළුවන් තරම් මාත් එක්කම ඉන්න වෙලාව තියෙන සැමියෙක්ට. ඔහු හොඳ සැමියෙක් වුණොත් ඒ ඇති.” කියලයි. ඉතින් සෙනාලි පාර්ථනා කරන ආදරය ඇයට ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.