‘මම කැමතිද අහද්දී එයාට වයස අවුරුදු දාහතයි’ ජනප්‍රිය ගායක සුරේන්ද්‍ර කියන කතාව

ශ්‍රි ලාංකීය සංගිත කලාවේ නැතුවම බැරි හඩක්. වේදිකාව නැතුවම බැරි රුවක්. මේ කතාව සුන්දර කට හඩකට උරුමකම් කියන සුරේන්ද පෙරේරා ගැන. කතාව වෙනස්ම තැනකින් ආරම්භ අපි හිතුවා. සුරේන්ද්‍ර මනමාලයෙක් වුනා නේද? “ඔව් මමයි අචිනි විවාහ වුනා. අපේ ආදරේට අවුරුදු දොළහක් වෙනවා. 2008 තමා අපේ ආදරේ පටන් ගන්නේ. ඒකත් මුලින්ම යාළුවෝ විදිහට. මොකද මගේ යාළුවෙක් තමා නම්බර් එක ඉල්ලා දුන්නේ. ඉතින් අපි දිගටම කතා කරන්න ගත්තා. අචිනි මුලින්ම මට කතා කලේ මගේ රසිකාවියක් විදිහට. කාලයක් යද්දි අපිටම තේරුම් ගියා අපිව ගැළපෙනවා කියලා. ඉතින් ඒනිසා අපි ආදරේ කරලා විවාහ වෙන්න තිරණය කලා. අපේ ආදරේ පටන් ගද්දි එයාට අවුරුදු දාහතයි මේ වෙද්දි ඇය නිතිවේදය ඉගෙන ගන්නවා.”

අචිනි ඔබේ ගමනට බාධාවක් නෙවෙයිද? “කොහෙත්ම නෑ මොකද අචිනි කියන්නේ ඉවසිමක් තියෙන කෙල්ලෙක්. ඊටත් වඩා මාව තේරුම් ගත්ත කෙල්ලෙක්. ඉතින් ඒ නිසා එයා එක්ක ජිවත් වෙන්න හරි ලේසියිමට. අනික මට ඕනිම දේවල් හැම වෙලාවකම අචිනි උදව් කරනවා. මම හිතන්නේ ඒක තමා වෙන්න ඕනි දේ. මොකද සාර්ථක බිරිඳක්වෙන්න තේරුම් ගැනිම ඉවසිම තියෙන්නම ඕනි.”

ඔබ මේ දිනවල නිහඩ නිසාද “මේකයි මම සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ හරිම අඩුවෙන්. මට තියෙන්නේ ⁣පෞද්ගලික ගිණුමක්. අනික මම විවාහ වෙනවා කියලා ලොකුවට කියන්න මට ඕනි වුනේ නෑ. මමකොහොමත් සරළව ජිවත් වෙන නිසා අපි කතා වෙලා හරිම චාම් විදිහට අපේ වෙඩින් එක ගත්තා. මගේ වෙඩින් එකට මගේ නිහඩ බව කිසිම වෙලාවක බලපෑවේ නෑ. එකම දේ මම මගේ පෞද්ගලික ජිවිතේ ප්‍රසිද්ධ කරන්නේ නෑ.”

සුරේන්ද්‍රගේ ඉදිරි කටයුතු, “ඇත්තටම අපි කවුරුත් මේ ගෙවන්නේ හරිම අමාරු කාලයක්. ඉතින් ඒ නිසාම වැඩ කටයුතු අඩු කලායත්. අලුත් නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් දැනට ඉන්නවා.”