‘මම කලාවට සමුදුන්නේ නෑ’ ජනප්‍රිය නිලි ප්‍රතිභා හෙට්ටිආරච්චි කියන කතාව

ප්‍රතිභා හෙට්ටිආරච්චි කාලයකට පෙර රංගනයෙන් ඈත්ව සිටි ඇය නැවතත් රංගනයට කෙමෙන් කෙමෙන් පා තියද්දි ඇය රංගනයෙන් ඉවත් සිටි කාලය ගැන විවිධ කට කතා පැතිරෙන්න ගත්තා. ඉතින් කට කතා වල ඇත්ත වගේ ම ප්‍රතිභාගේ රංගන ජිවිතය ගැන කතා කරන්නයි මේ සුදානම. කාලයක් නිහඩව සිටි ප්‍රතිභා නැවතත් ටෙලිනාට්‍ය පිටපත් භාරගන්න බවටයි ආරංච්. දීර්ඝ කාලයක විරාමයකට පසුවයි ඇය නැවතත් රංගනයට දායක වෙන්නේ. එයට හේතුව අපි ඇයගෙන්ම ඇහුවා. “ඇත්තටම මම රංගනයෙන් අයින් වුනේ නෑ. සිද්ධ වුනේ මම කෙටි කාලයකට නිහඩ වුනා පමණයි. ඒකට හේතුවමගේ සැමියා නෙවෙයි. මොකද ඔහු පටු අදහස් දරන යල් පැනපු කෙනෙක් නෙවෙයි. ඇත්තටම මම මගේ දරුවන් වෙනුවෙන් කාලය වෙන් කලා. ඒ නිසයි මම රංගනයෙන් ටික කාලයකට නිහඩ වුනේ. මොකද මම කැමති නෑ මගේ දරුවෝ කොතනකවත් මට මඟ හැරෙනවට” කියලයි.

ප්‍රතිභාගේ රංගන ජිවිතය ආරම්භ වෙන්නේ වේදිකාවෙන්. ඒ ඇයට වයස අවුරුදු දහ අටේදි. පාසල් කාලයේ පටන් වේදිකාවට ඇය දක්වන්නේ අපරිමිත කැමැත්තක්. ප්‍රවිණයන් හා වේදිකාව මත සිය හැකියාව පෙන්විමට හැකි විම ඇ⁣ය ලද විශාල භාගයක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම සිය පවුලෙන් ලැබුන ආභාෂයත් ඇයගේ කළා දිවියට විශාල උදවුවක් වුනා. මොකද ඇයගේ පවුලම කලා ලෝකයට සම්බන්ධයි. ඇගේ මව පියා දක්ෂ රංගන ශිල්පින් ⁣වෙද්දි සොහොයුරා අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරනවා.

ප්‍රතිභා හෙට්ටිආරච්චි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් නමුත් ඇය නිතර දකින්න ලැබෙන්නේ නෑ. ඉතින් එයට හේතුව විදියට ඇය කිවුවේ මේ වගේ කතාවක් “මෙහෙමයි මම ගොඩක් කාර්යබහුල දිවියක් ගතකරන්නේ. මම කථිකාචාර්යවරියක්. ඒ වගේම ව්‍යාපාර කටයුතු වල නියල වෙනවා. ඉතින් මම මට ලැබෙන සුළු වෙලාවක වුනත් රංගනයට දායක වෙන්නේ හරිම උනන්දුවෙන්. ඒ වගේම මම ලැබෙන නිර්මාණවල ගුණාත්මක භාවය පිලිබඳ ගොඩක් හිත්නනවා. මොකද මම රංගනය වෙනුවෙන් කැපකරන කාලය පලදායී වෙන්න ඕන තේරුමක් නැති දේවල් වලට කාලය නාස්තිකරන එක අපරාදයක්” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ප්‍රතිභාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.