‘මම ඒ වෙලාවේ ගත්තේ හොඳම තීරණේ’ පළමු විවාහයට සමු දුන් ජනප්‍රිය නිලි ශේෂාද්‍රි කියන කතාව

ලංකාවේ හැමෝගෙම වගේ ආදරේ දිනාගෙන ඉන්න සුන්දර පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ඉතින් දිනක්ෂි ප්‍රියසාද් වගේම ශානුද්‍රි ප්‍රියසාද් දෙනෙනාම කළා ලෝකයේ ඉතාම ජනප්‍රියයි නමුත් ශේෂාද්‍රි ප්‍රියසාද්නම් වැඩිය දකින්න ලැබෙන්නේ නෑ. 1991 වසරේ දෙසැම්බර් මස දෙවනදා උපන් ඇයට මේ වනවිට වයස අවුරුදු 29ක් වනවා. ඒ වගේම ශේෂාද්‍රි ප්‍රියසාද් 2013 වසරේදී විවාහ වෙනවා ඒ සම්පත් ද සිල්වා සමග කොහොම වුනත් ඒ විවාහය සාර්ථක වෙන්නේ නෑ. ශේෂාද්‍රි ගේ වරදක් නිසා ඒ විවාහය බිඳී යනවා.

කාලෙකට පස්සේ ශේෂාද්‍රි ටෙලිනාට්‍යක් හරහා දකින්න ලැබෙනවා ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්, ” ආලියා කියන්නේ මම සම්බන්ධ වෙන පළමුවැනි ටෙලිනාට්‍යය.මම චිත්‍රපට කිහිපයකට ලැබුණු ආරාධනා බාරගෙන තිබුණත් ඒත් කොවිඩ් ප්‍රශ්නය නිසා ඒ වැඩ කල් ගියා. ඒ අතරේ තමයි මට ‘ආලියා‘ ටෙලිනාට්‍යට ආරාධනා ලැබෙන්නේ. ඉතින් ඒ නිර්මාණයට එකතු වෙන්න මම කැමැති වුණා.” කියලයි. කොහොම වුනත් දැන් ශේෂාද්‍රි පෙම්වතියක් ඇයගේ පෙම්වතා තමයි ක්‍රිෂාන් ඉතින් ක්‍රිෂාන් සමග විවාහ වුණු කාලෙක ශේෂාද්‍රි ට රංගනයෙන් ඈත් වෙන්න වුණොත් මොකද කරන්නේ කියලා අහපු පැනයට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක් ” ඇත්තටම මම දැන් තියෙන දේ ගැන විතරයි හිතන්නේ. මගේ ජීවිත කාලේ පෞද්ගලිකව මම ලබපු විවිද අත්දැකීම් එක්ක ජීවිතේ ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න හොඳ නෑ කියන දේ තමයි මම ඉගෙන ගත්තේ. අපි ගන්න තීරණ සමහර වෙලාවට වරදින්න පුළුවන්. නමුත් අපි ඒ වෙලාවේ ගත්ත හොඳම තීරණය තමයි ඒ. මට විතරක් නෙවෙයි හැමෝටම එහෙමයි. විවාහ වුණාට පස්සේ පවුල් ජීවිතයට බාධාවක් වෙයි කියලා හිතුණොත් රංගනයෙන් මම ඈත් වෙනවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ශේෂාද්‍රිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.