‘මම ඒ කාලේ බයිසිකල් පැදලා කකුලත් කදාගත්තා’ ජනප්‍රිය නිලි මනෝජා කියන කතාව

කෞෂි බොහෝ දෙනෙක් ආදරයෙන් වැළදගත් චරිතයක්. ‘පොදු’ ටෙලි කතාවේ කෞෂිගෙ සැබෑ නම මනෝජා. ඉතින් මේ කතාව ඇය සමඟයි. මහරගම ප්‍රදේශයේ ජිවිතය ගෙවන ඇය පවුල් ආභාෂයෙන්ම කලාවට ආදරේ කරනවා. හැබැයි කුඩා කල ඇය වෛද්‍යවරියක් වෙන්න හික දකිද්දි කලාවට තියෙන ආදරේ ඇල්ම නිසාම ඇය කලාවට එන්න තිරණය කරනවා. මවට හොද ගීත හැකියාවත් තිබුන නිසාම කලාව කියන්නේ ඇය ආස කරපු දෙයක්.

පොත් කියවිම තුලින්ද ඇය කලාවට දැඩි ඇල්ලමක් ඇති කරගෙන තියෙනවා. ඉතින් මේ කතා නිසාම මනෝජාගේ ජිවිතේ කලාවේ හැරවුම වැටුනේ කොහොමද?. “මම කුඩා කා⁣ලයේ නර්ථනය කළා. බන්දුල කුරුවිට සර් නාට්‍ය හා රංගකලාව උගන්වන ගුරුවරයෙක්. මට සර් කොච්චර කිවත් මම රංගනයට යොමු වුනේ නෑ. හැබැයි කාලයක් යද්දි එමම ඒ විෂයට යොමු වුනා. නර්ථනය රංගනය දෙකම කරන්න පටන් ගද්දි 2015 මට නාට්‍ය තරඟාවලියකින් හොදම නිළිය සම්මානය ලැබුනා. එතනින් පස්සේ දිගටම මම රංගනය යොමු වුනා.”

කොච්චර දුරට ඉගෙන ගෙන තමන්ගේ ගමන ආවත් මනෝජා සමාජ ගත වුනේ කෞෂිගේ චරිතය එක්ක. ඉතින් ඒ චරිතය ගැන කිවොත්, ” මගේ ජිවිතේට සමිප චරිතයක්. මටත් කෞෂිට වගේ කාලයක් ගෙවුනා. ඒ නිසාම මට රන්දික අයියා පවා මගේ අයියා වගේම දැනුනා. මට චරිතය ඇත්තටම අමාරු වුනේ නෑ. පොදු කතාවට එද්දි මම හිනෙන්වත් හිතුවේ නෑ මෙහෙම ආදරයක් බලන අයගෙන් ලැබෙයි කියලා. අපි හිතුවට වඩා ගොඩක් අය පොදු වැළදගත්ත කතාවක් වුනා. ඒ නිසාම කෞෂිටත් ගොඩක් අය ආදරේ කරන්න පටන් ගත්තා. මම මුලින් මියුසික් විඩියෝ එකකින් ජනතාවට අතරට ආවත් මාව ගොඩක් අය දැනගත්තේ කෞෂි කියන චරිතය හරහා. ඒ නිසා මම අදටත් පාරේ යද්දි සමහර කෞෂි කියලා කතා කරනවා ඇවිත්.”

මනෝජා කියන්නේ දඩබ්බර චරිතයක් කිවොත්, “පිලිගන්නවා. මොකද ඇත්තටම මම දඩබ්බර දග කෙනෙක්. හැබැයි කාලයත් එක්ක මම යම් යම් දේවල් තේරුම් අරන් ජිවිතේ ගත කරන නිසා දැන් ඉස්සර වගේ දඩබ්බර නෑ.කොච්චර දඟයිද කියනවනම් මට අමතක නොවෙන සිද්ධියක් තියෙනවා ඒ තමා අම්මා එපා කියද්දි දවසක් මම සයිකල් පැද්දා. කොහොම හරි එකපාරටම ලිස්සලා ගිහින් මෙගේ කකුල තුවාල වුනා. මාව උස්සගෙන තමයි ගෙදෙර ගෙනිච්චි. බයිසිකල් පැදලා තුවාල වෙචච කැළැල් අදටත් මගේ කකුලේ තියෙනවා.”

මනෝජා කියන්නේ ගොඩක් සුන්දර තරුණියක්. ඒවගේම දැන් ජනප්‍රියයි. ඉතින් මනෝජා ඔයා දැන් කාට හරි ආදරේ කරනවද? ” මම තාම පෙම්වන්තියක් නෙවෙයි.මගේ ප්‍රථම ආදරය අවුරුදු හතරක් ඒ o/l කාලේ පටන් ගත්තේ. හැබැයි කාලයත් එකක් අපි තේරුම අරන් ඒකත් නැති වෙලා යනවා. ඉතින් මම දැනට මුල් තැන දෙන්නේ මගේ වැඩ වලට. මාව හොයාගෙන මංගල යෝජනා ගෙදරට පවා එනවා. ඒත් මට දැන්ම එහෙම අදහසක් නෑ.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන මනොජාගේ අපූරු පින්තූර කිහිපයක් තමයි මේ.