‘මම එයාව දැක්කේ හාවෙක් වගේ ඒකයි කැමති වුනේ’ ජනප්‍රිය නිලි නදුනි කියන කතාව

සුන්දර කලාකරුවන් දෙ⁣දනෙක්. විවාහය හා කලා ජිවතය එ⁣කිනෙකට පටලව නොගත් සොදුරු යුවලක්. අද අපි කාලය වෙන් කරන්නේ මේ සොදුරු යුවල ගැන කතා කරන්න. මේ දිනුෂ සමඟ නඳුනියි. පවුල් ජිවිතේ රස කතා මෙන්ම නදුනි, දිනුෂගේ ජිවිතේට එකතු වුන විදිහ ගැන අපි ඔහුගෙන් ඇසුවා. “අපි දෙන්නම නුවර. ඉතින් අපේ මුල්ම හමුවිමත් නුවරම තමා. සුරේන්ද්‍ර පෙ⁣රේරා සර්ගේ හඩ පුහුණුවිම පන්තිය තමා අපිව අපිට මුණ ගැස්සුවේ. එදා අපේ යාළුකම පටන් ගත්තා. අවුරුදු දෙකහමාරක් විතර යාළුවෝ ⁣ව්දහට ආශ්‍රය කරන්න පටන් ගත්තා. ඇත්තටම මම නදුනිට කැමති වුනේ එයාගේ අහිංසක පෙනුමට. ඒ වගේම එයාගේ හිනාවට. ඉතින් මම තිරණය කලා නඳුනි එක්ක මගේ ජිවිතේ බෙදාගන්න පුළුවන් කියලා. මම එයාට මුලින්ම ෆෝන් එකෙන් ආදරේ කියලා කිවුවේ. කාලයත් එක්ක අපිටම තේරුම් ගියා අපේ අදහස් හැගිම් ආකල්ප එක වගේ කියලා. ඉතින් නඳුනිත් මගේ ආදරය පිළිගත්තා. ඇත්තටම අපේ ආදරයට කවුරුත් විරුද්ධ වුනේ නෑ.” කියලයි.

2018 අවුරුද්දේ විවාහ වෙන්න සිටියත් 2019 අවුරුද්දේ විවාහ වුනු මේ යුවල අද කවුරුත් නොදන්න තරම්. ‘පා වෙලා වළාකුලේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍ය තුළින් බොහෝ ජනතා ආදරයක් දිනාගත්තා කිවොත් හරි. විවාහ වු යුවල එකටම රංගනයෙන් දායක වුන නිසා තවත් මේ චරිත සාර්ථක වුවා යන්න සැකයක් නැත. “නඳුනි කියන්නේ වගකිම් සහිත බිරිඳක්. ඇය පවුල් ජිවිතය වෙනුවෙන් බොහෝ කැපකිරිම් කරනවා. කොච්චර කේන්ති ගියත් නඳුනිගේ ආදරය එක්ක ඒ හැමදේම අමතක වෙලා යනවා. ඇත්තටම එයාගේ ආදරේ මට ගොඩක් දැනෙනවා.” යන්න දිනුෂ අපි සමඟ කියා සිටියා.

දිනුෂ නඳුනි ගැන කිවා වගේම අපි නඳුනි එක්කත් කතා කලා දිනූෂ ගැන. දිනුෂ එක්ක ගෙවන මේ ජිවිතේ ගැන වගේම එදා දිනුෂ ඔබේ ජිවිතයට එකතු වුන විදිහ ගැනත් කිවොත්, ”ඇත්තටම මුලින්ම කියනවා මම ගොඩක් වාසනාවන්ත බිරිඳක්. මොකද දිනුෂ කියන්නේ වචනයෙන් පරිසමාප්ත හොද සැමියෙක් මම ඔහු එක්ක ඇත්තටම ගෙවන්නේ සතුට පිරුණ ජිවිතයක්. අපි අපිව ගොඩක් විස්වාස කරනවා ඒ විස්වාසය නිසාම අපේ ආදරය සුන්දරයි. මට දිනුෂ මුණ ගැහෙන්නේ 2015 වර්ෂයේ. සංගිත පන්තියට එකතු වුනාට පස්සේ අපි දෙන්නා හොද යාළුවෝ වුනා. ඇත්තටම දිනුෂ මට ගොඩක් උදව් කලා. සහෝදරයෙක් වගේ මාව පරිස්සමෙන් බලාගත්තා. ඉතින් ඒ යාළුකම තමා ආදරයකට පෙරළුනේ. ඇත්තටම දිනුෂ දැක්ක මුල් කාලේ මට එයාව පෙනුනේ සුදු හාවෙක් වගේ ඒකයි මම එයාට ආදරේ කලේ. දිනුෂ කියන්නේ ගොඩක් හොද ගතිගුණ තියෙන කෙනෙක්. මම හැම වෙලාවකම දැක්කේ එයාගේ හොද ගතිගුණ විතරයි. දිනුෂ හොද නිසාම මම ගෙදර අය එක්ක එයා ගැන කතා කලා. අපිට ගෙවල් දෙකෙන්ම විරුද්ධත්වයක් ඇති වුනේ නෑ. ඉතින් ඒ නිසාම හැමෝගෙම ආශිර්වාදය එක්ක අපි විවාහ වුනා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන දිනුෂ සහ නඳුනිගේ සුන්දර පින්තූර කිහියක් තමයි මේ.