‘මම උස තැන්වලට බයයි, ගලෙන් උඩට නැග්ගේත් ගොඩක් බයෙන්’ – ජනප්‍රිය නිලි හිමායා බණ්ඩාර

ලංකාවේ කළා ලෝකයේ ඉන්න ගොඩක් සුන්දර රුවකට හිමිකම් කියන, බාල මහලු හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි හිමායා බණ්ඩාර කියන්නේ. කොහොම වුනත් පසුගිය කාලයේ ඇය කළා නිර්මාණ හරහා වැඩිය දකින්න ලැබුනේ නෑ, එකට හේතුව විදියට හිමායා අපිට කිවුවේ මේ වගේ කතාවක් ”මේ දවස්වල රටේ තත්වය එක්ක මම වැඩ මොකවත් බාරගත්තේ නෑ ඒත් ඉදිරියේදී සුපුරුදු විදියට කළා නිර්මාණ වලට එකතුවෙන්න බලාපොරොත්තු වෙනවා” කියලයි.

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හිමායා වැඩිපුරම කැමති ට්‍රැවල් කරන්නලු. හිමායා ලංකාවේ කැමතිම ස්ථානය තමයිලු සීගිරිය, ඇය මේ වනවිට කිහිප වතාවක්ම සීගිරියේ ගිහින් තියෙනවලු. ඉතින් සීගිරියේ ගිහින් ඇයට සිදුවුණ අමතක නොවන සිදුවීමක් පිලිබඳ ඇය කිවුවේ මේ වගේ කතාවක් ”මම පලවෙනි වතාවට සීගිරියේ ගියේ 2019 වසරේදී, අමතක නොවන දේ තමයි සිංහ පාදෙන් උඩට නගින්න මට බය හිතුනා මොකද මම උස තැන වලට ටිකක් බයයි කොහොම හරි දැන් වැටෙයි දැන් වැටෙයි කියලා බයෙන් ගල උඩටම නැග්ගා ඒ සිදුවීම නම් කවදාවත් අමතක වෙන්නේ නෑ” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන හිමයාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.