‘මම ඉස්සර ගොඩක් ලැජ්ජයි’ මවු පදවියෙන් පස්සේ තවත් හැඩවුන දිනූශා කියන කතාව

අපේ කළා ලෝකයේ විවිද රංගන ශිල්පිනියන් රැසක් ඉන්නවා. ඉතින් ඒ විවිද රංගන ශිල්පිනියන් අතරින් හැමෝගෙම අවධානය දිනාගෙන ඉන්න වගේම ගොඩක් සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි දිනූෂා සිරි­ව­ර්ධන කියන්නේ. ඒ වගේම කළා ලෝකයේ අහින්සකාවියක් විදියටත් දිනුෂා ගොඩක් ජනප්‍රියයි. ITN නාලිකාවේ විකාශනය වුන ‘නෙතූ’ ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසි ඇය 2016 වසරේ මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පළඳිනත් සමත්වෙනවා. ඉතින් දිනුෂා මුලින්ම රංගන දායකත්වය ලබා දුන් ‘නෙතූ’ නාට්‍ය පිලිබඳ ඇය කිවුවේ මේ වහේ කතාවක්. ”ඒ ටෙලි ඩ්‍රාමා එක ඉවර වෙලා ගොඩක් කල් වෙලත් තවමත් ගොඩක් අය මට කතා කරන්නේ නෙතූ කියලා, නෙතු කියන්නේ ගොඩක්ම අහිංසක කෙනෙක් නිසා වෙන්න ඇති හැමෝම ඒ චරිතයට ගොඩක් ආදරේ කරන්නේ,” කියලයි.

ගොඩක් රංගන ශිල්පිනියන් කලාවට එන්නේ කුඩා කාලයේ තියෙන දක්ෂතා ඔපනන්වාගෙන. ඉතින් දිනූෂා කලාවට පැමිණි ආකාරය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ” ඇත්තම කියනවනම් මම ඉස්සර ගොඩක් ලැජ්ජයි. අනිත් එක තමයි මට ඩයලොග් මතක තියාගන්න පොඩ්ඩක් අමාරුයි ඒ කාලේ. කොහොම හරි මම වෙළඳ දැන්වීම් වලට සහභාගී වුනාම රඟපාන්න පොඩ්ඩක් ආසා හිතුනා. මම මේ ක්‍ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදියට ඊටපස්සේ තමයි මම 2016 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගන්නේ. ඒ ජයග්‍රහණයත් එක්ක මට රංගනයට ආරාධනා ලැබුනා.” කියලයි.

දිනූෂා සිරි­ව­ර්ධන කියන්නේ කළා ලෝකයේ හෙමින් ගමනක් යන දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම මේ වනවිට දිනූෂා විවාහකයි. විවාහයෙන් පසුව දිනූෂා පුංචි තිරය හරහා වැඩිය දකින්න ලැබුනේ නෑ. නමුත් දිනුෂා සමාජජාලා හරහානම් ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම දිනූෂා දැන් කුඩා දියණියකගේ මවක්. ඇයගේ සමාජ ජාලා රසික රසිකාවියන් බොහොමයක් කියන්නේ අම්මා කෙනෙක් වුනාට පස්සේ දිනූෂා තවත් ලස්සන වෙලා කියලා. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ජනප්‍රිය නිරූපිකාව වගේම රංගන ශිල්පිනියක වන දිනුශාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.