‘මම ඉස්සර ඉඳලම නටන්න ආසයි’ ජනප්‍රිය නිලි රංගි රාජපක්ෂ කියන කතාව

කලා ලෝකයේ කවුරුත් හදුනන රංගිගේ සම්පුර්ණ නම ප්‍රභාෂ්වරි රංගි රාජපක්ෂ. ආදරේට කවුරුත් කියන්නේ රංගි කියලා. ඉතින් අපි අද කතාවට එකතු කරගන්නේ ඇයව. රාවණා, මැටි කඩුළු, බස් එකේ ඉස්කෝලේ, දාම්, ආදි ටෙලිනාට්‍ය ගනනාවක් ඔස්සේ ප්‍රේක්ෂකයන් ඉදිරියට එන රංගි සිය රංගන ජිවිතය ආරම්භ කළ අයුරු ගැන අපිට කිවේ මෙහෙම අදහසක්.

“මුලින් මම සම්බන්ධ වුනේ මගේ යාළුවෙක්ගේ මනාලියන් දැක්මට. ඒකෙන් පස්සේ නුවන් කළුආරච්චි විසින් මට මුල්ම වෙළඳ දැන්විමට ඉඩ කඩ හදලා දුන්නාඒ වෙළඳ දැන්⁣විමෙන් පස්සේ ම⁣ට ගොඩක් වෙළඳ දැන්විම් වලට ආරාධනා ලැබුනා. වෙළඳ දැන්විම් කරන අතරේ නාලන් මෙන්ඩිස්ගේ සල් සපුනා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න මට පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට තමා මට කලාවට එන්න පුළුවන් වෙන්නේ.”

ඒ කියන්නේ රංගි පොඩි කාලේ ඉදන්ම රංගනයට එනවා කියලා හිතුවද? “අපොයි නෑ. මොකද මම පාසල් කාලේ නර්ථනයට හරිම ආසයි. නර්ථනයට ආස නිසාම මම ආස කලේ නර්ථන ගුරුවරියක් වෙන්න. කාලයක් යද්දි මට හිතුනා නිති⁣ය ගැන ඉගෙන ගන්න. ඒ මොන දේට ආස වුනත් ඇත්තටම අවසානේ මම නතර වුනේ කලාව ළඟ. ඉතින් සතුටුයි ඒ ගැන.”

ඔබ රංගනයට දායක වෙන සියළු චරිත එක වගේද.? “කොහෙත්ම නෑ. මොකද මම රංගනයට දායක වුන චරිත එකිනෙකට වෙනස්. මම වැඩිපුරම සාර්ථක වුන චරිතය රාවනා එකේ රකා කියන චරිතය. ඉතින් එක එක චරිත දිහා බලද්දි ඒවා විවිධාකාරයි. ඒ වෙනසට කොහොමත් මම කැමැතියි.”

රංගි කියන්නේ විවාහයට ඇගිලි ගනින කෙනෙක් වෙද්දි පෙම්වතා ගැන විස්තර කිවොත්, “මම ආදරේ කරන කෙනා කලා කේෂ්ත්‍රයේ නෙවෙයි. අපි විවාහ වෙන්න ඉන්නේ හැබැයි තාම දවසක් වෙලාවක් නෑ. සමහර විට කාලයක් ගත වෙයි ඒකට. මොකද දැන් රටේ තත්වය එක්ක කොහොමත් උත්සව තියන්න බෑ
නේ”

පෙම්වතා කලාවේ නොවන නිසා ඔබට කලාවට තිත තියන්න වෙයිද, “කොහොමවත් නෑ. මොකද එයා මට සිමා දාලා නෑ. මට මගේ වැඩ කරගන්න මගේ නිර්මාණ කරන්න උදව් කරනවා. හැබැයි විවාහය එක්ක මම මටම සිමා දාගෙන ජිවත් වෙනවා. ඒක කලාවට සමු දිමක් නෙවෙයි. මොකද ම⁣ට පවුල් ජිවිතේ වටින නිසා.”