‘මම ඉස්කෝලේ යනකාලේ ටිකක් දඟයි’ ජනප්‍රිය නිලි නයෝමි කියන කතාව

කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ. පුංචි තිරයේ වගේම ගීත රූප රචනා හරහාත් ඇය නිතර දකින්න ලැබුනා. ඉතින් නයෝමි ඇයගේ පාසල් කාලය පිලිබඳ කිවුවේ මේවගේ කතාවක්. ”මගේ උපන් ගම අනුරාධපුරය. මම මුලින්ම අධ්‍යාපන හැදෑරුවේ පුලියන්කුළම මහා විද්‍යාලයේන්. පස්සේ මම විජයබා මහ විද්‍යාලයට හා උසස්පෙළ හදාරන්න ස්වර්ණමාලි බාලිකා මහා විද්‍යාලයට ඇතුලත්වුනා. ඉස්කෝලේ මම නර්තනයට තමයි ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා හිටියේ. පාසැලේ මම නැති පාසැල් ප්‍රසංගයක් නැති තරම්. හැම දේටම මුලිකත්වය අරන් කරයුතු කලේ මම. මම ඉස්කෝලේ යනකාලේ ටිකක් දඟයි. අපේ අම්මා නම් කියන්නේ මම ගොඩක් හිතුවක්කාරයි කියලා. ඒ වුණාට මම හොඳ ළමයෙක්.” කියලයි.

නයෝමි කළා ලෝකයට පිවිසෙන්නේ 2014 වසරේදී. ඒ වසරේ ඉඳන් මේ දක්වා නයෝමි කළා ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා. ඉතින් මෙහෙම කාලයක් කළා ලෝකයේ ඉද්දි ඕනෑ තරම් ආදර යෝජනා ලැබෙනවා. ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”ආදර යෝජනානම් ලැබෙනවා. මම හිතනවා විවාහ වෙන්නේ ජීවිත කාලෙටම එක්කෙනෙක් එක්ක විතරයි කියලා. විවාහය සඳහා ජීවිතය පුරාම ජීවත්වෙන්න හොඳම කෙනෙක් තෝරාගන්න ඕන. එහෙම කෙනෙක් හමුවෙන තුරු ටික කාලයක් ඉන්නවා.” කියලයි. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නයෝමිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.