‘මම ආයේ පිරිමි ගැන හිතන්නේ නෑ ළමයි දෙන්නා බලාගෙන ඉන්නවා’ නර්මදා යාපා කියන කතාව

නිරුපන ශිල්පිනියක වගේම නිවේදන ශිල්පිනියක ලෙසත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය චරිතයක් තමයි නර්මදා යාපා කියන්නේ. මේ දිනවල විකාශනය වන වැඩ සටහන් ගණනාවකම ඇය නිරුපන ශිල්පිනියක ලෙස කටයුතු කරනවා. ඒ වගේම තමයි ඇය පොටෝ ෂූට් හරහාත් පබාට දැකගන්න පුළුවන්. නර්මදා කියන්නේ දරුවන් දෙදෙනෙකුගේ මවක් ඉතින් ළමයි දෙන්නෙක් බලාගෙන කළා ලෝකයේ වැඩත් කරනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක් ඉතින් ඇය ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මගේ දරුවෝ දෙන්නා එක්කම තමයි මම දවස පටන්ගන්නේ. උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් එයාලගේ වැඩම තමයි. මගේ වැඩත් එක්ක ඒ දෙන්නා බලාගන්නවා කියන්නේ අමාරු වැඩක්. මම නැති වෙලාවට එයාලට කිසිම අඩුවක් වෙන්නේ නැතිබ බලා ගන්නේ මගේ අක්කයි එයාගේ මහත්තයයි.

නර්මදා කියන්නේ දරුවන් දෙදෙනෙක් සමග තනිවුන ගැහැනියක් ඉතින් තනිවුන ගැහැණිය අසරණයි කියලා ගොඩක් අය කියනවා ඉතින් ඒ වගේ කතාවලට නර්මදා දුන්නේ මේ වගේ පිළිතුරක් ” මම එහෙම හිතන්නේ නෑ, කාන්තාවක් උනාම ආර්ථිකය පැත්තෙන් ශක්තිමත් වෙන්න ඕන, ඒකට හොද රස්සාවක් කරන්න ඕන. තමන්ට හරි ස්ථාවරයක් තියෙන කාන්තාව කාටවත් හිස නමන්න ඔනනෑ. ඒත් කාන්තාව කියන්නේ ගොඩක් හන්ගීම්බර කෙනෙක්. මටත් මේ ජීවිතේ දුකක් සතුටක් දැනෙන වෙලාවට පිරිමියෙක් හිටියනම් කියලා හිතෙනවා ඒත් මම විඳපු කටුක ජීවිතේ මතක්වුනාම මගේ ළමයින් දෙන්නට පුළුවන් විදියට සලකගෙන මේ ඉන්න විදිය හොඳයි කියලා හිතෙනවා” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න කළා ලෝකයේ ජනප්‍රිය නිවේදිකාවක වන නර්මදා යාපා අබේවර්ධනගේ අපුරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.