‘මම ආයෙත් අලුත් සින්දුවක් කරන්න ඉන්නේ’ මහරජාණෙනි ගීතය ගැයූ සහේලි කියන කතාව

ඔබට මට කාටත් මතක ඒ ගීතයට පණ දුන් ඇය නමින් සහේලි ගමගේ. ඇය ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගන්නේ ‘මහරජාණනි’ ගීතයෙන් පසුවයි. ඉතින් අද අපේ සොදුර කතා බහ ඇය සමඟ. මහරජාණනි ගීතය හරහා ජනතා ආදරයට පත් වු සහේලි විදේශ රටක ජිවත් වන අතර මෑතකදි අලුත් ගීත කිහිපයකට සිය දායකත්වය ලබා දි නැවතත් ජනතාව අතරට ආවා කිවොත් නිවැරදියි. මහාචාර්ය කෝට්ටේගොඩ මහතා අතින් ගීත රචනය වු රෝහණ වීරසිංහයන් අතින් සංගීතවත් වු “වරල සරා”ගීත⁣ය ඇයට මෑතකදි ජනතාව අතරට ගේන්න හැකි වුනා.එමෙන්ම පැරණි ගීතයක් අලුත් විදිහට කරන්නද ඇයට ඉඩකඩ සැලසෙනවා.

ඉතින් ඒ ගැන අපි ඇයගෙන්ම අහන්න හිතුවා. “ඇත්තටම මම ඒ ගීතය අලුත් විදිහකට කලේ කාලෝ ෆොන්සේකා සර්ගේ ඉල්ලීමකට. මොකද එතුමා කිවා රත්තරං දුවේ ගීතය මගේ හඩින් අහන්න ඕනි කියලා. ඉතින් මම ඒ ඉල්ලිම ඉෂ්ඨ කළා. ඒත් කාලෝ ⁣සර්ට ඒ නිර්මාණය බලන්න බැරි වුනා. එතුමා ඒ නිර්මාණයට කලින් ජිවිතෙන් සමුගත්තා. මම එතුමා ජීවත්ව ඉද්දි ඒ ආශාව ඉෂ්ඨ කරන්න හැදුවත් මට මගේ රාජකාරි එක්ක ලංකාවට එන්න පුළුවන් වුනේ නෑ. මොනවා වුනත් මට ඒ ගීතයට බොහෝ ආදරණිය ප්‍රතිචාර ලැබුනා. කාලෝ සර්ගේ පවුලේ අයගෙන් පවා. මේකත් මම කියන්නම ඕනි මාව ජනපිය වුනේ 2008 වසරේ මහරජාණනි ගීතයත් සමඟ. මම ගීත 70ක් විතර අද වන විට කරලා තියෙනවා. ඒ හැමදේටම අඩි තාලම වැටුනේ මහරජාණනි ගීතයත් එක්ක.”

මහරජාණනි ගීතයට වසර දොළහක් පමණ ගත වුනත් අදටත් ඇයව ඒ ගීතයෙන් හදුනන පිරිස සුළු කොටසක් නොවේ. ඒ කෙසේ වෙතත් සහේලි මේ වන විදේශ ගතව සිටින නිසාම ඇගේ ජිවිතයේ දැන් තත්වය ගැන අහන්නත් අපි අමතක කලේ නෑ. “මම වෘත්තීයෙන් වෛද්‍යවරියක්. ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ්වල ඩාල්න් ඩවුන් රෝහලේ රැකියාව කරන මම ඇත්තටම ගෙවන්නේ කාර්යබහුල බහුල ජිවිතයක්. ඒත් හැමදේම කෙනෙක්ගේ ජිවිතයක් බේරගන්න නේද කියලා හිත⁣කොට පුදුම සැනසිමක් දැනෙන්නේ. මම විනෝදාංශයට සංගීත කටයුතු කරන කෙනෙක්. හැබැයි මම වෘත්තීය එක්ක ඉඩක් ලැබෙන සුළු වෙලාවත වුනත් සංගීතයට මගේ ජිවිතේ කැප කරනවා.

මම මගේ වෘත්තියට වගේම සංගීත කටයුතු වලටත් කාලය වෙන් කරන කෙනෙක්. සංගීතය මගේ වෘත්තීය නෙවෙයි විනෝදාංශය. ඉගෙනීම් කටයුතු නිසා වගේම වෘත්තීයමය කටයුතු නිසා සංගීතයට ලොකු කාලයක් වෙන් කරන්න අමාරු වුණා. නමුත් පුළුවන් හැම වෙලාවකම සංගීතයට කාලය වෙන් කළා. ඉදිරියෙදි වරල සරා වගේ අලුත් ගීත රසිකයන් අතරට ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සංගීතය අතහරින්න අදහසක්නම් නෑ. අනික මම ලංකාවේ හිටපු නැති නිසයි ගීත කරන්න බැරි වුනේ.⁣ඒත් මම හොද නිර්මාණ කරලා ජනතාව අතරට එන්න බලාපොරොත්තු වෙනවා.” කියලයි. මේ වන විට සිය සැමියා සහ දරුවන් සමඟ ඕස්ට්‍රේලියාවේ ජිවිතය ගත කරන සහේලි පුළුවන් හැම මොහොතකම ලංකාවට එන බවත් හොද නිර්මාණ රටට දායාද කරන්න බලාපොරොත්තු ⁣වන බවත් අවසාන විශයෙන් අපි සමඟ කියා සිටියා